දැන් අංක එකට තියෙන්නේ රාජපක්ෂවරු පැන්නීම – චමින්ද විජේසිරි (VIDEO)

0
1124

අන්තවාදයෙන්,ජාතිවාදයෙන්,ත්‍රස්තවාදයෙන් පෝෂණය කිරීම රාජපක්ෂවරු විසින් තවමත් සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

තමන්ද ප්‍රයෝගිකව ජනතාව සමඟ දුක් විඳින ජනතා නියෝජිතයෙක් ලෙස පවසන්නේ පවතින බරපතල ප්‍රශ්න විසඳීමට රජය මැදිහත් විය යුතු බව යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් නොහැකියාවන් මතත් ආණ්ඩුව ගෙදර නොයන්නේ නම් පාර්ලිමේන්තුව තුළ එම බලය බිඳීමට අවශ්‍ය හයිය පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය යුතු වන බවත් දැන් පළමු කාර්ය විය යුත්තේ රාජපක්ෂවරු පන්නා දැමීම බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරුන්ගේ බලය බිඳීමට එකතු නොවන කුහක,හොරජාවරම්කාර මැති ඇමතිවරුන්ට දිය හැකි පණිවිඩය තමන්ගේ ගමේදී දෙන ලෙස ජනතාවටද සිහිපත් කරන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඔහු මෙම අදහස් පළකළේ අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here