ඇඳිරි නීති කාලසීමාව තුළ බස් දුම්රිය සේවා අත්හිටුවයි

Date:

අද පස්වරු 06 සිට දිවයින පුරාම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. සඳුදා පෙරවරු 06 දක්වා එය බලපැවැත්වේ.

මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. තෙල් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය පමණක් සිදුවන අතර කෙසේ නමුත් අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සැළසුම් කර ඇති දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

මේ අතර ඇඳිරි නීති සමය තුළදී පෞද්ගලික බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. ලංගම බස්රථ ධාවනයද අත්හිටුවා ඇති අතර කෙසේ නමුත් අද දිනයේදී සැළසුම් කර ඇති ගමන් වාර ක්‍රියාත්මක වේ.

විදේශගත වීම සඳහා ගුවන් තොටුපල වෙත යන මගීන්ට කිසිදු බාධාවක් සිදු නොවන අතර සිය ගුවන් ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...