Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ඔය ඇඳිරි නීති දාලා අපිව නවත්තන්න බෑ, මම හෙට එනවා – රාජිත

හෙට (03) දිනයේ තමන් අනිවාර්යයෙන්ම මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයට එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් මේ තත්වය පිළිබඳව සාකච්ඡා කර එහි ස්ථාවරය නුදුරේදීම ප්‍රකාශ කරනු ඇති බව පැවසූ ඒ මහතා තමන් පුරවැසියෙකු වශයෙන් අනිවාර්යයෙන්ම මහජන විරෝධතාවට සහභාගී වන බවයි සඳහන් කළේ.

“මේක මේ රටේ පීඩාවට පත්වුණු ජනතාව විසින් ප්‍රකාශයට පත්කරපු විරෝධතාවක්. ඒ මොහොතේ මම කිව්වා මම දේශපාලකයෙක් හැටියට නෙවෙයි පුරවැසියෙක් හැටියට මේ විරෝධතාවට සහාය දක්වමින් පාරට බහිනවා කියලා. මම ඒක කියපු විදියටම කරනවා. ඔය ඇඳිරි නීති දාලා අපිව බය කරන්නත් බෑ, අපිව නවත්තන්නත් බෑ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.