අලුතින් එන කැසිනෝ කිහිපයක් බදු දැලට වෙට්ටු දැමීමේ උත්සාහයක !

Date:

මෙරට අලුතින් ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාර කිහිපයක් සූක්ෂම ලෙස බදු දැලෙන් රිංගා යාමේ උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

කැසිනෝ, මත්පැන් සහ දුම්වැටි යනු මෙරට වැඩියෙන්ම බදු අය කෙරෙන ව්‍යාපාර ක්ෂේත්‍ර වේ. ඒවායේ සමාගම් බදු 45%ක පමණ ඉහළ අගයක් ගනී.

සාමාන්‍ය ව්‍යාපාර සඳහා ආයෝජන මෙරටට රැගෙන ඒමේදී ඒවාට විවිධ බදු සහන, බදු විරාම හිමි වේ. නමුත් කැසිනෝ ව්‍යාපාර සඳහා ගෙන එන ආයෝජනවලට එම බදු සහන අදාළ නොවේ.

එසේ තිබියදී නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත කැසිනෝ ව්‍යාපාර කිහිපයක් සාමාන්‍ය ව්‍යාපාර ආයෝජන වශයෙන් ලියාපදිංචි කර, කැසිනෝවලට නීත්‍යානුකූලව හිමිනොවන බදු සහනයක් ලබාගැනීමේ වෑයමක නිරත වී සිටින බව වාර්තා විය. පසුගිය රජය සමයේ මේ සඳහා මූලික පියවර තබා ඇති අතර එම ක්‍රියාමාර්ග තවමත් ඉදිරියට යමින් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව, බලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් නොවන්නේ නම් රටට ලැබිය යුතු අතිවිශාල බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...