අලුතින් එන කැසිනෝ කිහිපයක් බදු දැලට වෙට්ටු දැමීමේ උත්සාහයක !

Date:

මෙරට අලුතින් ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාර කිහිපයක් සූක්ෂම ලෙස බදු දැලෙන් රිංගා යාමේ උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

කැසිනෝ, මත්පැන් සහ දුම්වැටි යනු මෙරට වැඩියෙන්ම බදු අය කෙරෙන ව්‍යාපාර ක්ෂේත්‍ර වේ. ඒවායේ සමාගම් බදු 45%ක පමණ ඉහළ අගයක් ගනී.

සාමාන්‍ය ව්‍යාපාර සඳහා ආයෝජන මෙරටට රැගෙන ඒමේදී ඒවාට විවිධ බදු සහන, බදු විරාම හිමි වේ. නමුත් කැසිනෝ ව්‍යාපාර සඳහා ගෙන එන ආයෝජනවලට එම බදු සහන අදාළ නොවේ.

එසේ තිබියදී නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත කැසිනෝ ව්‍යාපාර කිහිපයක් සාමාන්‍ය ව්‍යාපාර ආයෝජන වශයෙන් ලියාපදිංචි කර, කැසිනෝවලට නීත්‍යානුකූලව හිමිනොවන බදු සහනයක් ලබාගැනීමේ වෑයමක නිරත වී සිටින බව වාර්තා විය. පසුගිය රජය සමයේ මේ සඳහා මූලික පියවර තබා ඇති අතර එම ක්‍රියාමාර්ග තවමත් ඉදිරියට යමින් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව, බලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් නොවන්නේ නම් රටට ලැබිය යුතු අතිවිශාල බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...