වසර ගණනාවකට පසු රුසියාව සිය හමුදා බඳවා ගැනීම් සංඛ්‍යාව 160,000කින් ඉහල දමයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :වසර කිහිපයකට පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වයස අවුරුදු 18-30 අතර පිරිමින් 160,000ක් පමණ සිය හමුදාවට කැඳවා ඇති බව වර්තා වේ.

එය 2011 වසරෙන් පසු රුසියාවේ වැඩිම හමුදා බඳවා ගැනීම් සංඛ්‍යාව වන අතර රට සිය හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

රුසියාව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය අල්ලා ගැනීමට හමුදා භටයින්ට නියෝග කළ දා සිට පුටින් හමුදාවේ ප්‍රමාණය තුන් වතාවක් වැඩි කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2023 දෙසැම්බර් මාසයේ හමුදා ප්‍රමාණය වැඩිවීම යුක්රේනයේ යුද්ධය සහ නේටෝවේ අඛණ්ඩ ව්‍යාප්තිය යන දෙකෙන්ම වර්ධනය වන තර්ජන සමඟ සම්බන්ධ කර ඇති අතර රුසියාව හමුදාවේ සමස්ත ප්‍රමාණය මිලියන 2.39 දක්වා වැඩි කිරීම අපේක්ෂා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...