බලතල එක්ක වගකීමක් ලැබුණොත් වැඩේට බහිනවා – සරත් ෆොන්සේකා

Date:

කොළඹ LNW:පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ වගකීමක් ලැබුණහොත් තමන් වැඩේට බහින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

තමන්ට වැදගත් වන්නේ තනතුරු,තානාන්තර,වරප්‍රසාද නොව බලතල ඇතුව යමක් මෙහෙයවීම සඳහා වන වගකීම බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

”මම යම්කිසි දේශපාලනයක් කරනවා මේ රටේ. ඒ දේශපාලනය මම අනිවාර්යයෙන්ම කරනවා. මොකද මම කියන දේශපාලනය මම දකින දැක්ම ඒවා යම්කිසි රජයක් හරි යම් කිසි දේශපාලනයක් හරි කරයි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. හුඟක් වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. එක එක අයව විශ්වාස කරලා. මගේ දේශපාලනය මම කරගෙන යනවා. නමුත් පුරවැසියෙක් විදිහට මට වගකීමක් ලැබුණොත්,වගකීමක් කියන්නේ නිකන් කාටහරි උපදේශකයෙක් වෙලා යානවාහන අරගෙන ඔෆිස් එකක් දාගන්න නෙවෙයි. නමුත් වගකීමක් භාරගත්තොත් ඒ වැඩේට බැහැල වැඩ කරන්න වෙනවා. බලතල ඇතුව වැඩේට බැහැල වැඩේ මෙහෙයවන්න පුළුවන් විදිහට වගකීමක් ආවොත් කරනවා. නැත්නම් බොරුවට තානාන්තර ගන්න,පහසුකම් ලබාගන්න, වරප්‍රසාද ගන්න එවැනි දේවල්වලට අතගහන්න මම ලෑස්ති නැහැ.”

30,000ක ත්‍රස්තවාදී හමුදාවක් පරාජය කිරීම ගැන දින වකවානු ඇතුව කියූ කෙනෙක් ලෙස 1000ක 1500ක පාතාලයක් මර්දනය කිරීම වෙනුවෙන් වැඩකිරීම එතරම් අමාරු නොවන බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පාතාලය පසුපස යම්කිසි අයුරකින් දේශපාලකයින් සිටින්නේ නම් සියලු දෙනාටම එක මිටට ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාකයේ ක්ලෝරීන් ගෑස් කාන්දුවක් හේතුවෙන් ෂියා වන්දනාකරුවන් 600 කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ නජාෆ් සහ...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ගැන පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ LNW : 2026 පෙබරවාරි 17...