කොළඹ කුණු ට්‍රැක්ටරයෙන්ම ඇදල ඉවරයක් කරන්න සැරසෙන අපිලගේ සාධු!

Date:

කොළඹ LNW:කොළඹ සුද්ද කරන්න අවශ්‍ය නම් කොළඹ මහ නගර සභාවේ බලය ට්‍රැක්ටරයට ලබා දෙන ලෙස ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේ කොළඹ නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.

කොළඹ කුණු සම්පූර්ණයෙන්ම ට්‍රැක්ටරයෙන් ඇද කුණු ප්‍රශ්නය විසඳන අතර නිවාස නැති ජනතාවගේ නිවාස ප්‍රශ්නයත් විසඳන බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඉන්න තැනක් නොමැති අය ගැන සමීක්ෂණයක් කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන අතර කුණු ගඳ ගැස්සවීමට නම් ඉඩ නොතබන බවයි සීලරත්න ස්වාමීන් වහන්සේ පැවසුවේ.

දවසට තුන්පාරක් හරි කුණු අදින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයක කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම අවස්ථාවට ට්‍රැක්ටරයෙන් කොළඹ මහා නගර සභාවට ඉදිරිපත්ව සිටින නගරාධිපති අපේක්ෂක අසේල සම්පත් මහතාද එක්ව සිටියේය.

කොළඹ මහ නගර සභාවේ මීට පෙර නගරාධිපතිනියක් සිටි අතර මේ වන විට කොමසාරිස්වරු ඇතුළු නිලධාරීන් සිටියද ජනතාවට පීඩා ගෙන දෙන කාණු පද්ධතිය හෝ පිරිසිදු කර දීමට හැකි වී නැති බවයි උන්වහන්සේ පැවසුවේ.

AC කාමර වල සිටින නිලධාරීන්ට ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...