රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :
පවතින අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින් විසින් වැදගත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
විශේෂයෙන්ම දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මෙම තත්ත්වය හමුවේ දැඩි ලෙස පරීක්ෂාකාරී විය යුත්තේ එය මාරාන්තික විය හැකි බැවිනි.
එළිමහනේ සේවය කරන පිරිස් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ මධ්‍යසාර හෝ පැණිබීම වර්ගවලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.
ශරීරයේ ජලය රඳවා ගැනීමට තැඹිලි සහ පළතුරු යුෂ වැනි ස්වභාවික පාන වර්ග භාවිතය මෙන්ම සිරුරට සිසිලස ලබා දෙන ආහාර ගැනීම ද නිර්දේශ කෙරේ.
දහවල් කාලයේදී පිටතට යාම සීමා කිරීම, ලා පැහැති කපු ඇඳුම් ඇඳීම සහ අව්වෙන් ආරක්ෂා වීමට කුඩ භාවිත කිරීම වැනි පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.
මෙවැනි පියවර මගින් සූර්ය රශ්මියෙන් ඇතිවන රෝගාබාධ වළක්වා ගනිමින් සෞඛ්‍යය ආරක්ෂා කර ගත හැකි බව මින් වඩාත් පැහැදිලි කරයි.



