Home පුවත් ක්‍රී​ඩා ඉන්දියාව සහ බංගලාදේශය මෙන් ශ්‍රී ලංකාවත් ක්‍රිකට් පුහුණුවේදි නෙදර්ලන්තය විශ්වාසයට ගනියි

ඉන්දියාව සහ බංගලාදේශය මෙන් ශ්‍රී ලංකාවත් ක්‍රිකට් පුහුණුවේදි නෙදර්ලන්තය විශ්වාසයට ගනියි

facebook sharing button
twitter sharing button
pinterest sharing button
email sharing button
sms sharing button
sharethis sharing button

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 02, කොළඹ LNW:

එළැඹෙන අප්‍රේල් 15 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ රයන් වැන් නීකර්ක් ද, ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නෙදර්ලන්ත ක්‍රිකට් සඳහා පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස සේවය කර ඇති ජෝර්දාන් ග්‍රෙගරි ද පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

ලෝක සූර ඉන්දීය කණ්ඩායම ද මේ ආකාරයට සිය කණ්ඩායම පුහුණු කාර්ය මණ්ඩලය සඳහා නෙදර්ලන්ත ජාතිකයෙකු පත් කරගෙන සිටියි.නමින් රයන් ටෙන් ඩොස්කාටේ වන ඔහු ගෞතම් ගම්භීර් යටතේ ඉන්දීය කණ්ඩායමට සහය පුහුණුකරුවෙකු ලෙස සේවය සපයයි. නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රයන් කුක් ද පසු කළෙක, බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු (Fielding Coach) ලෙස කටයුතු කර ඇත.ශ්‍ර

ශ්‍රී ලංකා කණ්ඩායමට පත් කරන ලද පුහුණුකරුවන් දෙදෙනාගෙන් රයන් වැන් නීකර්ක් වෙත පැවරෙන භූමිකාව තුළ, ඔහු ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව සියලුම ජාතික කණ්ඩායම් හරහා වේග පන්දු යැවීම අධීක්ෂණය කරනු ඇත.
අන්තර්කාලීන භූමිකාව භාර ගැනීමට පෙර, ඔහු නෙදර්ලන්ත ජාතික පිරිමි කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
නෙදර්ලන්ත කණ්ඩායම සමඟ ඔහුගේ සේවා කාලය තුළ, රයන් 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය, 2024 ICC පිරිමි T20 ලෝක කුසලානය සහ 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි සඳහා කණ්ඩායමේ සහභාගීත්වයට දායක වී ඇත.

ජෝර්දාන් ග්‍රෙගරි,ජාතික පිරිමි කණ්ඩායම ඇතුළුව ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ සියලුම ජාතික කණ්ඩායම් හරහා පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු දරනු ඇත.
නෙදර්ලන්ත ක්‍රිකට් සමඟ ඔහුගේ සේවා කාලය තුළ, 2023 ICC පිරිමි T20 ලෝක කුසලානය ඇතුළුව ද්විපාර්ශ්වික සහ බහුජාතික තරඟාවලි කිහිපයකට ග්‍රෙගරි දායක වී ඇත.