හේමා ප්‍රේමදාස මහත්මිය සිය නිල නිවස රජයට භාරදෙයි !

Date:

හිටපු ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය තමන්ට රජයෙන් ලබාදී තිබුණු නිල නිවස යළි රජයට භාරදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී ඒ මහත්මිය සිය නිල නිවස රජයට භාරදී ඇත.

ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරුන්ට රජයේ නිල නිවසක් ලැබෙන අතර ජනාධිපතිවරයා මියගිය පසු එම නිල නිවස භාවිතා කිරීමේ අයිතිය බිරිඳට හිමිවේ. ඒ අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද රජයෙන් නිල නිවසක් හිමිව තිබුණු නමුත් ඒ මහත්මිය එම නිවසේ පදිංචිව නොසිටි අතර ඇය පදිංචිව සිටියේ සිය පෞද්ගලික නිවසක ය. එහෙයින් තමන්ට රජයෙන් හිමිව තිබුණු නිල නිවස නැවතත් රජයට භාරදීමට හේමා ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...