අලුත් සහල් මංගල්‍යය අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අලුත් සහල් මංගල්‍යය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගීවීමෙන් , මහ කන්නයේ නැවුම් අස්වැන්නේ අග්‍රඵලය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීමේ 56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (02) පෙරවරුවේ පැවැත්වුණි.

සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි නායකයින් සහ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ද සිය අස්වැන්නේ අග්‍රඵලය ජය ශ්‍රී මහා බෝධිය අභියසදී පූජා කළ අතර , අනතුරුව ජනාධිපතිවරයා ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

“අපි බලාපොරොත්තු වුණාට වැඩිය.. ඉලක්ක කරාට වැඩිය.. දෙගුණයක වගාවකට අපි ප්‍රවේශ වුණා. මාස් කන්නය වෙනකොට අපි යූරියා ටික ලබාදුන්නා. බණ්ඩි පොහොර ටික ලබාදුන්නා. ඒ වගේම අපිට චීන රජයෙන් ලැබුණු ඉන්ධන නොමිලේම ගොවිජනතාවට ලබාදෙන වැඩපිළිවෙල දියත් කළා. ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් ලැබුණු මඩපොහොර බෙදාහැරීම මේ වනවිට අවසන් අදිරයට පැමිණිලා තියෙනවා.” “මහ කන්නයේ වගා කළ සියලුමදෙනා වෙත එම පොහොර නොමිලේම ලබාදෙන්න කියන උපදෙස ජනාධිපතිවරයා ලබාදුන්නා. ඒ අනුව ඒ ලබාදීමේ කටයුත්ත සිද්ධ කරනවා. එළඹෙන යල කන්නයේ කිසිම අඩුපාඩුවක් නොවන විදිහට දැනටමත් අප සතුව යම් ප්‍රමණායක් තිබෙනවා.

ඒ වගේම තව ඇනවුම් කරලා තිබෙනවා. අද ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමේ වාසිය අනුව අපේ මේ සියලුම පොහොර වර්ග ඒ ගොවි ජනතාවට සාධාරණ මිලකට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා ලබාදුන්නා. ඒවා මිලදී ගැනීම සඳහා කූපන් නිකුත් කරන්නත් අපිට උපදෙස් ලබාදීලා තිබෙනවා. මේ එන යල කන්නයෙන් පස්සේ මහ කන්නයේදී ගොවි ජනතාවට QR එක හඳුන්වලා දෙනවා. ඔවුන්ට ලැබෙන සහන ඒ හරහා ලබාදෙනවා. රජයේ අයතනයක වෙන්න පුළුවන් එසේත් නැතිනම් පුද්ගලික අංශයක වෙන්න පුළුවන්. ගොවීන්ට ගිහිල්ල ඒ QR එක පෙන්නලා ඒ සහනය ලබාගන්න අවස්ථාව උදාකරලා දෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...