දමිතාගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි !

Date:

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ආගමන විගමන පනත යටතේ අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (02) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, දමිතා අබේරත්න සිය නීතීඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබුණු රීට් පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කාරිය අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කළ නමුත් අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදුන් අතර වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට ද නියම කර ඇත.

පෙත්සම මැයි 16 වනදා යළි කැඳවීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 06) දිනයේදී දිවයිනේ බොහෝ...

දැදුරු ඔයේ ඛේදවාචකය : දියේ ගිලී මියගිය ගණන 5 දක්වා ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (05) පස්වරුවේ දැදුරු ඔයේ දිය...

මාලිමා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට !

ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගරසභා මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්ද්‍රව්‍ය...

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...