*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දේශපාලන වෙනසක් කරලා දිනන්න අවශ්‍ය වැඩපිළිවෙල රනිල් ළඟ තියෙනවා. තව වේලාසන වැඩියි ඒක කියන්න – අකිල

“ඔබතුමාලාට මතක ඇති 2014 අන්තිමට ඒ තිබුණු ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියනවා නම් කවුරුවත් හිතුවෙ නෑනෙ, ඒත් මාස දෙකෙන් ආණ්ඩුව පෙරළුවානෙ. ඒක හින්දා මේ රටේ දේශපාලන වෙනස්වීම්, දේශපාලන විප්ලව වෙනස් වෙන්න පොඩි කාලයයි යන්නෙ. ඒ වෙනස කරන්න වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ළඟ තියෙනවා. ඒ නිසා තමයි අපි වගකීමෙන් කියන්නෙ, බය නැතුව ඉන්න ඒක එතුමා කරනවා අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – දැන් පොහොට්ටුව හම්බන්තොටින් සටන පටන් අරන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයිද ?

“නෑ, ඉතින් ඒක එතුමාලාගෙ කාර්යභාරයනෙ. එතුමාලානෙ ඒක තීරණය කරන්න ඕනෙ. අපි මොකක්ද කරන්නෙ කියන එක අපි තීරණය කරනවා. අපි එක්ක කවුද එකතු වෙන්නෙ, ඒක තව වේලාසන වැඩියිනෙ. අවුරුද්දෙන් පස්සෙ අපි ඒක කියන්නම්. තව වේලාසන වැඩියි අපෙ වැඩපිළිවෙල කියන්න. කවුද අපි එක්ක එකතු වෙන්නෙ, කවුද අපට සහයෝගය දෙන්නෙ, කොච්චර අපේ ශක්තිමත්භාවය තියෙනවද, ඒ වගේම වෙනත් පක්ෂවල කවුද එන්නෙ, ඒ ඔක්කොම වේලාසන කරලා වැඩක් නෑනෙ තව මාස හයක් විතර තියෙනවානෙ. සැප්තැම්බර්, ඔක්තෝබර්වලට තව කොච්චර තියෙනවාද ? අවුරුදුත් කන්න එපැයි ? මේ මැතිවරණ ව්‍යාපාරය සමහර අය කරලා දැන් ඉවර කරන්නත් ළඟයි. අපි තාම පටන් අරගෙන නෑ”

ප්‍රශ්නය – අවසානයේදී පොහොට්ටුවේ සහාය ලැබෙයිද ජනාධිපතිතුමාට ?

“ජනාධිපතිතුමාට ජාතික නායකයා විදියට ජනතාවගේ සහයෝගය ලැබෙනවා. එතකොට ඒකට අවශ්‍ය පක්ෂවල සහයෝගය ලැබෙයි. හැබැයි ජනතාවගේ සහයෝගය ලැබෙනවා. මොන පක්ෂෙක හිටියත් ජාතික නායකයා විදියට මෙතුමා එනවා. මේ ගෙනියන රාජ්‍ය පාලනය ගෙනියන්න, මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ජාතික නායකයා විදියට රටේ ජනතාවගේ බහුතරය එතුමාට දෙනවා. රටේ ජනතාවගේ බහුතරය එතුමාට එද්දී ඔය ඔක්කොම පක්ෂ සහ කණ්ඩායම් ඉඳියි. සමහර වෙලාවට ලොකු පක්ෂ පොඩිවෙයි, පොඩි පක්ෂ ලොකුවෙයි, බොහෝ දේවල් වෙයි. නමුත් ජාතික නායකයා විදියට එතුමාට දිනන්න ඕනෙ ඡන්ද ටික එනවා”

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan