ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණ තුනක් වෙනුවෙන් අද තීරණාත්මක සටනක

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 03, කොළඹ (LNW): අද ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමට,ජාතික කාන්තා කණ්ඩායමට සහ අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට තීරණාත්මක දවසක්.ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද බංගලාදේශය සම ග පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ දී තරගාවලිය 2- 0 ක් ලෙස ජය ගැනීමේ ආසන්නයට පැමිණ සිටිනවා.පස්වන දිනය වන අද සිය දෙවන ඉණිමට ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීමට අවශ්‍යයනම් අද දිනය තුළ ලකුණු 243 ක් ලබා ගත යුතුයි.එහෙත් ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 3 ක් පමණයි.ප්‍රාතිහාර්යක් සිඳු නොවන්නේනම් මේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි විය යුතුව තිබෙනවා.


ජාතිත කාන්තා කණ්ඩායම අද දිනයේ දකුණු අප්‍රිකාවේදි විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක තරගයට අද මුහුණ දීමට නියමිතයි.මේ වන විට තරග 1-1 ක් ලෙස තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් කණ්ඩායම දෙකම සම ජයග්‍රහණ ලබා සිටින බැවින් මෙම තරගය අතිශයින් තීරණාත්මක වන අතර මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ පිතිකාරිනිය වන චමරි අතපත්තු ලකුණු අතරට නොපැමිණිය ද ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගු අනාගතයක් ඇති ක්‍රිඩිකාවන් වන විශ්මි ගුණරත්න,කවීශා දිල්හාරි සහ හර්ෂිතා මාධවී සමරවික්‍රම වැනි ක්‍රීඩිකාවන් පිතිකාරිණියන් ලෙස ද,අචිනි කෞශල්‍යා ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට වේග පන්දුවට සුදුසු තණනිල්ලක් ලැබීමේ වාසිය අත් කර ගනිමින් පන්දු යවන්නියක ලෙස පාමින් සිටින දස්කම් අනුව ද අද තරගය දකුණු අප්‍රිකාවට ජය ගැනීම පහසු නොවන බව පැහැදිළියි.ඒ අතරට චමරි,ඉනෝකා වැනි ක්‍රීඩිකාවන් ද පිත්තෙන් සහ පන්දුවෙන් පෙන්වා ඇති ප්‍රවීනත්වය ද අද තරගයට එකතු කළහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාව පරාජය කරන්නට හැකියාව තිබෙන බව ද පැහැදිළියි.


අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම අද හම්බන්තොට දී එංගලන්තය,ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සහභාගි වන 19 පහළ තරගාවලියේ සූරතාවය හිමිවන්නේ කාටද යන්න තීරණය කරන තරගයට අද එංගලන්තය සමඟ මුහුණ දෙනවා.මේ වන විට කණ්ඩායම් දෙකම එක තරගය බැඟින් ජය ගෙන සිටින අතර ශ්‍රී ලංකාව එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව එක තරගය බැඟින් ජය ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාවට එක තරගයක් පරාජය ට පත් වුණා.එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව තරගය පරාජය වී ඇති අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති කරග දෙකම ජය ගෙන සිටිනවා.


ඔස්ට්‍රේලියාටට ශ්‍රී ලංකාව පරාජයට පත් වූ තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දස්කම්වලට වඩා කැපී පෙණුනේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දුර්වලතායි.තරගාවලියේ මේ දක්වා කැපී පෙණුනම පන්දු රැකීම ප්‍රදර්ශනය කළ කණ්ඩායම වූ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී දැක් වූ දස්කම් තිබුණේ ඉතා පහළ මට්ටමක වූ අතර ඒ නිසාම තරගය පරාජය වන්නට ද සිඳු වුණා.අද තරගයේ දී තරගයට අවශ්‍යය පරිදි පන්දු යැවීම සම්බන්ධයෙන් තීරණය ගැනීමට නායිකා මනුදි නානායක්කාර ගනු ලබන තීරණ ද,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු රැකීමේදී දක්වන දක්ෂතා ද අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සූරතාව සම්බන්ධ හීනය සැබෑවීම හෝ නිශ්පල වීම සිඳු වීමට නියමිතයි.කෙසේ වුවත් මහා බරක් තරගය ගැන සිතේ නොතබාගෙන සැහැල්ලුවෙන් තරග වැදීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවන් මේ තරගයට යොමු කිරීම වැදගත් වෙනවා.මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා තරුණියන් වෙනුවෙන් එකම අර්ධ ශතකය රැස් කළ සහ කණ්ඩායම වෙනුවෙන් ඉහළ පන්දු රැකීමේ කුසලතාවක් පළ කළ ක්‍රීඩිකාවක් වන නෙත්මි සේනාරත්න පන්දු රැකීමේ දී ආබාධයකට ලක්වීම නිසා ඇති වූ ආබාධය නිසා මේ තරගයට ද එක් නොවීම ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...