තෙල් ප්‍රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්‍රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්

Date:

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පෙරේදා (01) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින ඉන්ධන හිඟය අප්‍රේල් 05 වනදා වනවිට අවසන් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම දැනට පවතින විදුලි කප්පාදුව අප්‍රේල් 10 වනදා වනවිට සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බවත් එයින් පසුව විදුලිය කැපෙනු ඇත්තේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පමණක් බවත් ඒ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්දීය ණය ආධාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වී ඇති නිසා ඔවුන්ගෙන් අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලැබෙන හෙයින් මෙසේ මෙම ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව ලැබී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසූ බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...