හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවූයේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටයි – රජයෙන් නිවේදනයක් !

0
275

හදිසි නීතිය පැනවීමට හා රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ හාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කටයුතු කරන බවයි. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර නොමැති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අදාල නිවේදනය පහතින්….

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හා සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිය මෙන්ම මහජන සාමය හා රාජ්‍ය, පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටී.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස, සාමකාමී ලෙස රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කොට ප්‍රවර්ධනය කිරීම රජය ප්‍රතිඥා දී පිළිගෙන ඇති ප්‍රතිපත්තියකි. පසු ගිය වසර දෙකට වැඩි කාලය තුළ ඒ බව ප්‍රායෝගිකව සනාථ කර ඇත.
වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු කිසිදු සාමකාමී උද්ඝෝෂණයකට හෝ විරෝධතා පෙළපාලියකට හෝ බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ නැත.

ඇතැම් අවස්ථාවක විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට කැඳවා ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් දෙනු ලැබීය. විරෝධතා හා උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය සමීපයේ වෙනම භූමි භාගයක් පවා වෙන් කෙරිණ.

පසුගිය මාර්තු 31 බ්‍රහස්පතින්දා මිරිහාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවේදී ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙමින් මහජන හා පෞද්ගලික දේපලවලට අලාභහානි කළහ.

ඇතැමෙකුට තුවාල සිදු විය. දේපල හානිය රුපියල් මිලියන 39 කි.

පිළිගත් නෛතික ප්‍රතිපාදන ප්‍රකාර හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවනු ලැබූයේ ජනජීවිතය, මහජන සාමය සහ මහජන හා පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිවය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here