මිරිහාන නිවසේ තීරණාත්මක සාකච්ඡාවත් තීරණයක් නැතිවම අවසන් !

0
3370

ඊයේ (02) රාත්‍රියේදී නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී පැවති විශේෂ සාකච්ඡාව තීරණයකින් තොරවම අවසන් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ.

රටේ පවතින ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදයට පිළියම් වශයෙන් ගත යුතුව පවතින තීරණාත්මක පියවරක් පිළිබඳව ඊයේ තීන්දුවක් ගැනෙනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර තිබුණ ද එවන් කිසිදු එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

එමෙන්ම වත්මන් තත්වයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් රජයේ සෙසු ඉදිරිපෙළ ඇමතිවරුන්ට පවා නිශ්චිත අදහසක් හෝ දැනුවත්භාවයක් නොමැති බවත් ආරංචිමාර්ග පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here