ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කර මුදල් වංචා කළ සිද්ධියකට සැකපිට තිදෙනෙක් CID දැලේ!

0
456
Arrested man in handcuffs with handcuffed hands behind back in prison

රෂිකා හෙන්නායක අප්‍රේල් 03, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මුදල් වාංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්පත් මගින් රුපියල් 2,721,024යි ශත 15 මුදලක් වංචා කර ඇති බවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණ අතර, ඒ අනුව සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි .