අන්තරේ කැඳවුම්කරු සහ නදුන් වහා නිදහස් කරනු – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් සහ නදුන් දර්ශිත වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත පටිපාටියට සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්න ලෙසද එහිදී බලකෙරුණි.

එමෙන්ම රෝගී ජීවිත අනතුරේ හෙළන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයට හානි කරන උපාධි කඩ අහෝසි කරන ලෙසද එහිදී විරෝධතාකරුවන් රජයට බලකරන ලදී.

මෙම විරෝධතාවට පොලීසියේ බාධා කිරීමක් සිදුනොවුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...