සැකපිට අත්අඩංගුවේ සිටි තරුණයා මිය ගියේ ඇයි? පොලිසිය තුළදී වධහිංසා සිදු වූ බවට ඥාතීන්ගෙන් චෝදනා!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 03,කොළඹ LNW :

අප්‍රේල් මස 01 දා වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් 25 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයා මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරන්නේ, පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවටයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ, ඔහු බදුල්ල , මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

“මේ තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී විවිධ වධහිංසාවලට ලක් වූ බව තමයි ඔහුගේ මව සහ අනෙකුත් තොරතුරු අනුව හෙළිදරව් වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් 02 වැනිදා මේ තරුණයා මිය ගොස් ඇති බවට මවට ආරංචි වෙනවා. මව පොලිසියට පැමිණෙනවිට එතකොට ශරීරය රෝහලට අරන් ගිහින් ඉවරයි. තවදුරටත් සොයාබැලීමේදී ඒ තරුණයා ඇඳගෙන හිටිය ඇඳුම පවා පොලිසිය විසින් හංගලා. ඩෙනිම කුණු කූඩයකට දාලා. ඒ තරුණයා භාවිත කළ දුරකතනය විනාශ කරන්න කටයුතු කරලා තියෙනවා. මේ සෑම සිද්ධියකින්ම තේරෙන්නේ, යම් දෙයක් හංගන්න උත්සහ කරපු බවයි. සියදිවි නසාගැනීමක් කියලා තමා පොලිසිය විසින් අම්මාට කියලා තියෙන්නේ. කොහොම වුණත් මේ වනවිට මුල්ලේරියාව මානසික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙනවා. වෛද්‍ය පරීක්ෂණයත් එක්ක මොකද වුණේ කියලා අපිට දැනගන්න පුළුවන්. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී තරුණයා බොහෝම බරපතල තත්ත්වයක හිටියේ, ශරීරයේ උණුසුම විතරයි තිබුණේ කියලා මවට වෛද්‍යවරයා කියලා තියෙනවා.”

මෙම තරුණයා පෞද්ගලික රෝහලක සේවය කරන අතර රාජගිරිය ප්‍රදේශයේ බෝඩිමක් සොයාගෙන යන අතරතුර කිසිම පිරිසක් ත්‍රීරෝද රථයකින් ලුහුබැඳගෙන ගොස් ඇති බව සඳහන් වේ. ඉන් බියට පත් වූ අදාළ තරුණයා අසළ පිහිටා තිබූ නිවසකට දිව ගොස් ඇති අතර එහි සිටි පිරිස සොරෙක් යැයි සිතා ගස් බැඳ ඉන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබෙනවා. වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත් වූ ඔහු එදින සිය මවට ඇමතුමක් ගෙන පොලිස් නිලධාරින් විසින් තමන්ට හිරිහැර කරන බවට දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...