සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (03) දින වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත් කර ඇති කමිටුවේ අදහස් ද මෙහිදි විමසීමට නියමිත බව සඳහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් දුර්වල කිරීම වෙනුවෙන් භයානක පනතක් සම්මත කිරීමට රජය උත්සහ දරමින් සිටින බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...