මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය නාවික හමුදාව සොයාගනී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් මිලියන 67.5කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ,තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර තලෙයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කට අධික තොගයක් එලෙස සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි .

නාවික හමුදාව සඳහන් කළේ , වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන බවයි.

නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ , මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබාගෙන පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...