*
Monday, May 13, 2024
spot_img

Latest Posts

සුදත්,රනිල්ගේ ක්‍රීඩාවේ නියෝජිතයා ද?

කොළඹ (LNW): ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ක්‍රීඩාවේ නියෝජිතයාද යන්න සිතා බැලිය යුතු තත්ත්වයට පත්ව ඇත.ක්‍රීඩාව ගැන සුවිශාල දැණුමක් නැති හිටපු පොලිස් නිලධාරියෙක් වන සුදත් පසුගියදා අර්ජුන රණතුගට යවන ලද ලිපියෙන් දැක් වුණේ,ක්‍රීඩා කේෂ්ත්‍රයේ පත් කිරීම් සදහා ජනාධපිතිවරයා එකඟ කරවා ගැනිමට ඔහුට ඇති හැකියාවය.


මේ වන විට ලංකාවේ සාමාන්‍ය දේශපාලකයාගේ චින්තනයේ සිට අමාත්‍යවරයාව මෙහෙයවමින් සිටින උපදේශකවරයා ක්‍රිඩා අමාත්‍යවරයා ලංකාවේ සාමාන්‍ය දේශපාලන සමාජයේ චණ්ඩියාගේ භුමිකාවෙන් මෙහෙයවමින් සිටින බව පැහැදිළිය.නමුත් ක්‍රීඩාව යනු ජාත්‍යන්තර වශයෙන් බැඳුණ සීමාවන් යටතේ තිබෙන දෙයක් වන අතර එය රටේ සකස් කළ ක්‍රීඩා පණතකින් අමාත්‍යවරයා බලය පවරාගෙන අවශ්‍යය අවශ්‍යය විදිහට ඔහුගේ අභිමතය පරිදි ක්‍රියාවට නැංවිය යුතු විෂයක් නොවේ.

ලංකාවේ දේශපාලන හැඩතල අනුව යම් කේෂ්ත්‍රයක දැණුවත් විෂය ප්‍රවීනයා අමා්‍යවරයාට පිටුපසින් තැබිය හැකි මුත්,ජාත්‍යන්තරය ක්‍රීඩාවේදී විමසා බලන්නේ තමන් නියෝජනය කරන ක්‍රීඩාවට ඒ දේශපාලනයේ තගරි වාක්‍යයවලින් මිදී කටයුතු කිරීමේ හැකියාවය.රටේ ක්‍රීඩා නීතියෙන් ඇමතිට බලය පවරාගෙන කුමන හේ ක්‍රීඩාවක් “ලෝකේ ඕනි දෙයක් මෙහෙ අපට ඕනි හැටියට” කියා පවත්වාගෙන යන්න නොහැකිය.
පාපන්දු තහනමේ තහනමට හේතු වූ නිලවරණ සිතියම යන්න ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ අමාත්‍යංශය එකඟ වූ කාරණා ය.එය ඉටු නොකිරීම යන්න තහනමේ ප්‍රධාන සාධකයක්ය.අඩුම තරමේ එකඟ වූ කාරණා බිඳ දැමීම ගැන සමාව හෝ නොගෙන මං ඇමති කියන ලීලාවෙන් දෙන උඩඟු කතාවලින් පාපන්දු තහනම හොල්ලන්නවත් නොහැකිය.

ක්‍රිකට් ද රටේ ක්‍රීඩා නීතිය සහ නීතිය ප්‍රකාරව අයිසීසීය ට කරුණු දැක්වීම හෝ අමාත්‍යංශයෙන් පිටින් කළොත් බලාගෙනයි යන න්‍යායයෙන් හිටපු ලේකම්වරයා ලවා ලිපි ලියවා දැන් සාකච්ඡාවට එන්න යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රේග් බාක්ලි මහතා (Mr. Greg Barclay) වෙත ලිපි ලියා පලක් නැත.ඒවා වැරදි සේ සැළකිය යුතුය.එම ලිපියේ ද අමාත්‍යවරයා සඳහන් කරන්නේ “සියලුම ක්‍රීඩා සම්මේලන වෙත ඔවුන්ගේ රාජකාරි කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිඛිතව විශේෂ උපදෙස් ලබා දීමට නීතිමය බලයක් ඇත” යනුවෙන්ය.

ලෝකය අභියෝග කරන්නේ එතැනට ය.මේ සටහනම අයිසීසී විශේෂ නියේජිතයන්ගේ පරික්ෂාවට ලංකාවේ දේශපාලන අතපෙවීම් ඇති බව තේරුම් ගන්නට ප්‍රමාණවත්ය.ක්‍රිඩාවක ජාත්‍යන්තර හැඩයට රටක ක්‍රීඩා පණත සකස් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලයට එය යටත් කරන්නට උත්සාහ නොකර,ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රීඩාවේ මාර්ගෝපදේශනයන්ට පටහැනිව කටයුතු කරන ක්‍රීඩා සමාජ එම හැසිරීමෙන් උල්ලංඝණය වන්නේ කුමක්දැයි පෙන්වා දිය යුත්තේ එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර සම්මේලනයට ය.එසේ පෙන්වා දෙමින් රටේ ක්‍රීඩා පණතට අනුව ජාත්‍යන්තර වශයෙන් අදාළ කරුණ නොසළකා හැරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස එම ක්‍රීඩා පරිපාලනය විසුරුවන්නට හෝ විසුරුවා අතුරු කමිටුවක් පත් කරන්න අවශ්‍යය බව පෙන්නා දිය හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයා ඉහත කිසිවක් නොකර ක්‍රීඩා පණතේ බලය අනුව තමන්ට ඇවැසි දේ කිරීම මෙහි ඇති නරකම තත්ත්වය වන්නේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයා හිතවතුන්ට තමන්ට ඇවසි පරිදි හැසිරිමට ඉඩ දෙන බවට ප්‍රකට කරුණ සමඟ යමින් සුදත් චන්ද්‍රසේකට විශ්වාස කර හෝ තව දුරටත් ක්‍රිකට් ආයතනයට බලපෑම් කරන කණ්ඩායමක් ඊට එකතු කර ඇත.ඒ සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික උපදේශක කමිටුවක්ය.ක්‍රිඩා ඇමතිවරයා අයිසිසිය ට කතා කර දෙදිනකින් යළිත් “සියලුම ක්‍රීඩා සම්මේලන වෙත ඔවුන්ගේ රාජකාරි කටයුතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිඛිතව විශේෂ උපදෙස් ලබා දීමට නීතිමය බලයක් ඇති බව” යන්න පෙරටු කොට තබාගෙන මේ තීරණයට එළැඹ ඇති බව පෙනේ.ඔහු එයින් අයිසීසීයට හඟවන්නේ ලෝකේ කොයි රටේ ක්‍රිකට් උඹලට ඕනි විදිහට ගැහැව්වත් ලංකාවේ ක්‍රිකට් යන්න ඕනි ඒ රටේ අමාත්‍යවරයාට ඕනි විදිහට යන දේ ය.

මේ ආකාරයට ලෝකයට වගකිවිය යුතු විෂයක ක්‍රිඩා ඇමතිවරයා වගවීමකින් තොරව හැසිරීම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලා සිටින්නේ ක්‍රීඩාවට අදාළ බලධාරින් පත් කිරීම තමන්ට ඕන විදිහට කරන දන්න ක්‍රීඩාවක් නොමැති සුදත් චන්ද්‍රසේකරගේ අනුහසින් ද යන්න සිතා බැලිය යුතු ක්‍රියාවකි.රනිල් වික්‍රමසිංහ තමන්ගේ හිතවතුන් මහජන ඡන්දයෙන් පත් වූ පුද්ගලයන්ට වඩා ඉහළින් තබා ගෙන ඔවුන්ට අනුව වැඩ කරන නිසා ඉතිහාසයේ ද කුස්සි කැබිනෙට්ටු පවත්වාගෙන යාම වෙනුවෙන් විවේචනයට ලක් වූ අයෙක්ය.මේ මොහොතේ සිද්ධවෙන්නේ ද එයි වීමට හැකිය.එහි බලපෑම ක්‍රිඩාවටය.රටට ය.ජාත්‍යන්තර ඉදිරියේ රටේ ක්‍රිඩාව බිංදුවටම වැටී ප්‍රත්ක්ෂේප විය හැකිය.

ජාත්‍යන්තර සබඳතාවල සංඛේතය සේ රනිල්වාදීන් විසින් හඳුන්වන රනිල් වික්‍රමසිංහට හිතවත්නම් ලෝකය ඉදිරියේ රටම බිංදුවට වැට්ටුවද රනිල්ට කම් නැද්ද යන්න රොෂාන් – සුදත් සුසංයෝගය ඉදිරියේ මතුවන ප්‍රශ්නයය. ඒ ඒ ජාත්‍යන්තර ක්‍රීඩාවන්ට අදාළ නීතිමය සහ ප්‍රතිපත්තිමය තත්ත්වයන් සමග ලංකාව හැසිරවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන්ම මැදිහත් නොවුණොත් රටේ ක්‍රීඩාවට අබ සරණය.තවමත් ඔහු මේ සංවාදය පමා කරමින් රොෂාන් රණසිංහ ට අවශ්‍යය විදිහට නටන්න ඉඩ දෙනවාද,නැතිනම් රනිල්ගේ නියෝජිතයා සේ සුදත්ට අවශ්‍යය පදයට නටන්න දී රොෂාන් රණසිංහ බා සිටිනවාද යන සැකයද සමාජයෙන් තුරන් කළ යුතුය.ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිට එම තනතුර දුන්නේ තමන් බව කියා රොෂාන් රණසිංහගේ බලය තුච්ච විදිහට හෑල්ලුවට ලක් කර තිබියදීත්,තමන් පත් කළ බව කියන ක්‍රීඩා සභාවේ සභාපතිට තමන්ට ඉහළින් සිට පළයං කියන තත්ත්වයට පැමිණ තිබෙන උපදේශකයා කර ඇති හෑල්ලුවට ලක් කිරීම ද නොසළකා සිටින රොෂාන් රණසිංහ පෙන්වා දෙන්නේ තමන් නාමික ඇමති බවත් බලධාරියා සුදත් චන්ද්‍රසේකර බවත් ද?

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan