සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ,මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
ඉදිරි සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර එම සමුළුව සඳහා තමන් සමග මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බවද පැවසීය .