*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

අලුත් යෝජනාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ , අත්‍යවශ්‍ය අපනයන කාර්යයන් සඳහා අවශ්‍ය කරන මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

රටේ මුල්‍ය නියාමන තීරණ මත සංවර්ධන කාර්යන් සඳහා මුදල් නිකුත් නොකළ ද කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර ආදායම් උත්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය .

කදාන ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය ,

“මේ අවස්ථාවේ සංවර්ධන වැඩකටයුතු සඳහා විශාල මුදල් වෙන් නොකෙරුවත් ඒ සඳහා චක්‍රලේඛන තිබුණත් අපේ රටට ආදායම ගෙනඑන අපනයනය සඳහා අවශ්‍ය කරන දේවල්වලට මුදල් යෙදවීම නවත්වන්නට බැහැ. නවත්වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආයතනවලට එවැනි ගැටලුවක් තියෙනවානම් ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඒ අදාළ කැබිනට් ඇමතිවරු සාකච්ඡා කරලා අපිට මැදිහත් වෙලා ඒ සඳහා අවශ්‍ය කරන මුදල් ලබාදෙන්න අපිට හැකියාව අපිට තියෙනවා. ඒ නිසා හැම නිලධාරියෙක්ම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලට දේවල්වලට පමණක් යොදවලා අපේ රටේ ජනතාවගේ ආදායම වැඩිකරන අපනයන වැඩිකරන්න අවශ්‍ය කරන මුදල් අනිවාර්යෙන්ම නිදහස් කරන්න කටයුතු කරන්නට ඕනේ මම ඒක ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලය එක්ක කතා කරලා අපි ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්න බලාපොරොත්තු වෙනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan