කලං මතකයන් සදාකාලිකන්… (PHOTOS/VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

උයනක් පිරී පිපිමල් අද පරවෙලා..
විහඟුන් ගැයූ ගී වැල් අද ගොලු වෙලා.

මළහිරු බසිනා සැන්දෑ යාමේ දහසක් දෙනෙත් කඳුලින් තෙත් කර ආදරණීය කලං නිහඬව යන්න ගියේය .

සවස් යාමය උදාවෙත්ම මහා ජනගඟක් ගලා ආවේ ආදරණීය “අපේ කලං ” ව තවත් එක් වරක් හෝ සියැසින් දැක ඔහුට අවසන් ගෞරව දැක්වීමේ බලාපොරොත්තුවෙනි.

ඔහු මෙලොවින් සමුගත් දිනයේ (01) සිට අද (03) දක්වා රට පුරා විසිරී සිටින සුවහසක් කලා පරපුරේ සියල්ලන්ද, දේශපාලන සභිකයන්, හිටපු ජනාධිපතිවරු, විද්වතුන් , එතුමා අධ්‍යාපනය හැදෑරූ ධර්මජ විද්‍යාලයේ ආදිශිෂ්‍යන් , ඇතුළු සියලු එතුමාගේ රසිකයන් නොකඩවා පැමිණ අවසන් ගෞරවය පුද කළහ.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල සිනමාව වෙනුවෙ කලංසූරිය මහතා කල අනුපමේය මෙහෙවර වචන වලට හරවන්නටද ඒ සියල්ලෝම අමතක නොකළහ. අද දින අවමංගල සභාවේදී ඔහු සමඟ ඉතා සමීපව සිනමාවේ යෙදුණු මිත්‍ර සනත් ගුණතිලක මහතා මනාව පැහැදිලි කළේ කලං යනු කුඩා මිනිසා වැපුරූ ඒ අව්‍යාජත්වය පිළිබඳවය.

ජනාධිපතිවරයාගේ ශෝකප්‍රකාශය ඉදිරිපත් කළේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසිනි. විපක්ෂ නායකවරයාද තම ශෝක පණිවුඩය එවා තිබිණ .

රටක් ආදරය කල ඒ අපූරු කුඩා මිනිසා කලං දහසක් මතකයන් සියලු සිත් තුළ සදාකාලික මතකයක් සේ තබා ජීවන ගමනින් නික ගියේ ආදරණීය දරු තිදෙනා සහ තම ආදරණීය බිරිඳට මහා හිඩැසක් ඉතිරි කරමින්ය.

ආදරණීය කලං …
යළිත් එන්න මේ රඟමඩලට…
මේ මිහිතලයේ කෙදිනක හෝ අපි හමුවේවි…
එතෙක් තාවකාලික සමුදීමක් පමණි…
සුබ ගමන්….!!!


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...