*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

කලං මතකයන් සදාකාලිකන්… (PHOTOS/VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

උයනක් පිරී පිපිමල් අද පරවෙලා..
විහඟුන් ගැයූ ගී වැල් අද ගොලු වෙලා.

මළහිරු බසිනා සැන්දෑ යාමේ දහසක් දෙනෙත් කඳුලින් තෙත් කර ආදරණීය කලං නිහඬව යන්න ගියේය .

සවස් යාමය උදාවෙත්ම මහා ජනගඟක් ගලා ආවේ ආදරණීය “අපේ කලං ” ව තවත් එක් වරක් හෝ සියැසින් දැක ඔහුට අවසන් ගෞරව දැක්වීමේ බලාපොරොත්තුවෙනි.

ඔහු මෙලොවින් සමුගත් දිනයේ (01) සිට අද (03) දක්වා රට පුරා විසිරී සිටින සුවහසක් කලා පරපුරේ සියල්ලන්ද, දේශපාලන සභිකයන්, හිටපු ජනාධිපතිවරු, විද්වතුන් , එතුමා අධ්‍යාපනය හැදෑරූ ධර්මජ විද්‍යාලයේ ආදිශිෂ්‍යන් , ඇතුළු සියලු එතුමාගේ රසිකයන් නොකඩවා පැමිණ අවසන් ගෞරවය පුද කළහ.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල සිනමාව වෙනුවෙ කලංසූරිය මහතා කල අනුපමේය මෙහෙවර වචන වලට හරවන්නටද ඒ සියල්ලෝම අමතක නොකළහ. අද දින අවමංගල සභාවේදී ඔහු සමඟ ඉතා සමීපව සිනමාවේ යෙදුණු මිත්‍ර සනත් ගුණතිලක මහතා මනාව පැහැදිලි කළේ කලං යනු කුඩා මිනිසා වැපුරූ ඒ අව්‍යාජත්වය පිළිබඳවය.

ජනාධිපතිවරයාගේ ශෝකප්‍රකාශය ඉදිරිපත් කළේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසිනි. විපක්ෂ නායකවරයාද තම ශෝක පණිවුඩය එවා තිබිණ .

රටක් ආදරය කල ඒ අපූරු කුඩා මිනිසා කලං දහසක් මතකයන් සියලු සිත් තුළ සදාකාලික මතකයක් සේ තබා ජීවන ගමනින් නික ගියේ ආදරණීය දරු තිදෙනා සහ තම ආදරණීය බිරිඳට මහා හිඩැසක් ඉතිරි කරමින්ය.

ආදරණීය කලං …
යළිත් එන්න මේ රඟමඩලට…
මේ මිහිතලයේ කෙදිනක හෝ අපි හමුවේවි…
එතෙක් තාවකාලික සමුදීමක් පමණි…
සුබ ගමන්….!!!


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan