ජාවාරම්කාරයින් හා නීති විරෝධී ක්‍රම හරහා මුදල් රැස් කර ගත් දූෂිතයින් ඒවා වියදම් කොට මහජන නියෝජිතයින් ලෙස පත් වීමට ඉනිමඟක් හදා ගත්තා – ඩලස් (video)

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW):

අපේ රටේ මැතිවරණ කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්නා වෙළඳපොළක්.  විශේෂයෙන්,  1978 න් පසුව ආ සමානුපාතික ක්‍රමය ඇතුලේ ජාවාරම්කාරයින් හා නීති විරෝධී ක්‍රම හරහා මුදල් රැස් කර ගත් දූෂිතයින් ඒවා වියදම් කොට මහජන නියෝජිතයින් ලෙස පත් වීමට ඉනිමඟක් හදා ගත්තා.  දැන් මහජන මතය ලෙස ප්‍රකාශයට පත් වන්නේ මේ වංචාකාරයින් බහුතරයකගේ මතයයි.  මෙය වෙනස් නොකලොත් “පරමාධිපත්‍ය” කියන එකට වෙනත් නමක් හොයා ගන්නට සිදු වේවි යැයි අද, 04 දින “නිදහස” ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය ඇමතූ එහි නායක,  ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

මුදල් හරහා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ මෙම ක්‍රියාදාමය නතර කර ගැනීම උදෙසා මැතිවරණ කොමිසමේ හා මැතිවරණ නිරීක්ෂකයන්ගේ ඉල්ලීමක් අනූව සම්මත වූ 2024 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට විශාල හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව විශාල සංවාදයක් මහජනතාව තුළ ඇති කරන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

මහජන නියෝජිතයා දූෂිතයාගේ රූකඩයක් බව පත් වීම ඛේදවාචකයක් ලෙස විග්‍රහ කිරීමෙන් පමණක් ඵලක් නොවන බව පෙන්වා දුන් ඩලස් අලහප්පෙරුම මහතා පනතේ ඇති අඩු ලුහුඩුකම් හදා ගනිමින් එය මීළඟ ජනාධිපතිවරණයේ සිට බලාත්මක කරමු යැයි මහජතාවට ආරාධනා කළේය.

” මැතිවරණ පවත්වා දින 21 ක් ඇතුලත සමස්ථ වියදමේ සහතික කරන ලද ලේඛනයක්,  සෑම අපේක්ෂකයෙකු විසින්ම කොමිසමට ලබා දිය යුතුව තිබෙනවා.  ඉන් අනතුරුව,  දින 10 ක් ඇතුළත එකී සියලු ලේඛන මහජනතාවට විවෘත කරනවා.  එම තොරතුර සාවද්‍ය නම් දින 42 ක් ඇතුළත අධිකරණයට යා හැකියි.  එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වෙන් කළ හැක්කේ රු.20 ක් පමණයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන පක්ෂ දෙකම පිළිවෙළින් රුපියල් මිලියන 1800ක් හා රුපියල් මිලියන 1700 ක් මාධ්‍ය දැන්වීම සඳහා පමණක් වියදම් කොට තිබුණා.  නව නීතිය යටතේ ඕනෑම අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම මුදල රුපියල් මිලියන 329 කට පමණ සීමා වෙනවා.  නව නීතියේ බරපතලකම තේරුම් ගැනීමට මේ උදාහරණය පමණක් ප්‍රමාණවත්

ඉන්දියානු අගමැතිතුමා මෝදි සහ විදේශ ලේකම්වරයා විසින් කච්ඡතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සඳහා එදා කොංග්‍රස් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය වැරදි එකක් බව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළා.  මෙම පැවරීම ඉන්දිරා ගාන්ධි සහ සිරිමාවෝ බණ්ඩාරනායක නායකයින්ගේ සුහද එකඟත්වයෙන් 1974 දී එනම් මීට වසර 50 ට පෙර සිදු වූවා.  ඉන්දීයානු මැතිවරණය සති දෙකකට පෙර මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම දකුණු ඉන්දියාවට අදාල දේශපාලන අර්ථයක් ඇති නමුත් සෛවරී රාජ්‍යයක පුරවැසියන් ලෙස අප මෙය ප්‍රතික්ෂේප කරනවා.  ඉන්දියාව අපේ වැඩිමහල් සොහොයුරා.  ලගම ඥාතියා නමුත් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට සිදු කරනු ලබන මෙවන් මොහොතක මෙවැනි ප්‍රකාශ සමඟ කිසිසේත් එකඟ වෙන්න බැහැ.  මෙහි යටි අරමුණක් තිබේ ද යන සැකය මුළු සමාජය පුරාම මතුව ඇති බැවින් එය නිවැරදි කිරීම සහෝදර අසල්වැසි රාජ්‍යයේ වගකීමක්” ලෙසද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැඩිහිටි ප්‍රජාව වෙත විශේෂ සහනයක් ලෙස 2016 සිට ක්‍රියාත්මක වූ ඔවුනගේ ස්ථාවර තැන්පතු සඳහා 15% ක පොළියක් ලබා දීමේ තීරණය අහෝසි කිරීම නිසා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බරපතල අර්බුදයකට ලක් වී ඇති බැවින් එය වහාම නිවැරදි කළ යුතුයි.

අපේ සංස්කෘතික මංගල්‍ය වන අවුරුදු උළලේ අසෝබන හැසිරීම් පාලන කිරීම හා අසංස්කෘතික අංගයන් ගැන අධ්‍යනය කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කර ඇති බවට ඊයේ පල වූ පුවත්පත් වාර්තාවට අනූව වහාම එම කමිටුව විසින් කළ යුතු පළමු කාර්යය වන්නේ ආබාධ සහිත ප්‍රජාවගේ සිත් රිදවන ක්‍රීඩා අංගයන් ඉන් ඉවත් කිරීමයි. මේ රටේ ජනගහනයෙන් 8.9% අබාධිතයි. ඒ කියන්නේ ලක්ෂ 17 ක්.  අන්දයට කිරි කැවීම “කනාමුට්ටියට ගැසීම” වැනි ක්‍රීඩා වලින් අප ලෝකයාට පෙන්වන්නේ අපේ අසංස්කෘතික, ගෝත්‍රික ලක්ෂණයි” ලෙස වැඩි දුරටත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...