*
Friday, May 3, 2024
spot_img

Latest Posts

බී ළුණු, අර්තාපල් ආනයනයෙන් අයුතු ලාභ ලබලා – පා.කාරක සභාවේදී පාරිභෝගිකයා සූරා කෑ හැටි ගැන තොරතුරු රැසක් හෙළිවෙයි!

කොළඹ LNW: නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරයේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දෙවන රැස්වීම පසුගිය 01 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු අතර එහිදී කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමුව තිබුණි.

ඒ අනුව විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. ඒ සඳහා ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් කැඳවා තිබිණ.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝවක වෙළෙඳපොළ මිල සහ ආනයනික මිල අතර විෂමතාව පිළිබඳ සාකච්ඡා කර තිබුණු අතර ඊට ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආනයන අපනයන පාලන දෙපාර්තම්න්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය යන රාජ්‍ය ආයතන නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබිණ.

2018 වසරේ සිට 2023 වසර දක්වා ආනයනික ආහාර ද්‍රව්‍ය පිළිබඳ ආනයන දත්ත විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාව මෙහිදී ඉදිරියට ගෙන යන ලද අතර, මෙම ආහාර ද්‍රව්‍යවලට අදාළ ආනයන දත්ත, වෙළෙඳපොළ මිල සහ දේශීය නිෂ්පාදන දත්ත ශ්‍රී ලංකා රේගුව (ASYCUDA පද්ධතිය), ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් ලබාගෙන තිබිණ.

2018 වසරේ සිට රජය විසින් ආනයනික භාණ්ඩ මත පනවන ලද බදු ආදායමේ අඛණ්ඩ පහත වැටීමකට මුහුණ පා සිටින අතර, අමෙරිකානු ඩොලරයේ අගයට අනුරූපව ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) නොගැලපීම මීට හේතු වී ඇති බව අනාවරණය විය. මෙම භාණ්ඩ මිල දි ගැනීම සඳහා අධික මුදලක් වැය වන බැවින් පාරිභෝගිකයන්ට මෙමගින් ප්‍රතිලාභ ලැබී නොමැති නමුත්, මෙම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් වෙළෙන්දන් සැලකිය යුතු ලාභයක් ලබා ඇති අතර, එම ලාභය වෙළෙඳපොළ මිල මත පදනම්ව එක් කිලෝවකට රු. 100-1000 අතර වී ඇති බව අනාවරණය වී තිබුණි.

2023 අවසාන කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ නමුත් පාරිභෝගිකයින්ට මෙයින් ප්‍රතිලාභයක් නොලැබුණු අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මහජන නොසන්සුන්තාවක් ද ඇතිව තිබෙන බවත්, ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සලකා බැලීමට අමතරව, මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වය සහ යෝග්‍යතාව තක්සේරු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේ මේ රැස්වීමේ දී අනාවරණය කෙරුණු අතර, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනය කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීම බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

ඉහත කරුණු මත පදනම්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක වෙළෙඳපොළ මිල සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීමෙන් පසු රේගුවෙන් භාණ්ඩ නිදහස් කරන මිල අතර පවතින දැඩි විෂමතාවද මෙහිදි සාකච්ඡා කර තිබේ.

මෙහිදී කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධ ඉහත වාර්තාව සතිපතා කාරක සභාව වෙත සම්පාදනය කරන ලෙසය. ඒ සඳහා විනිමය අනුපාත, බහාලුම් හා රක්ෂණ පිරිවැය, බද්ද, ආයෝජනය ආදී තොරතුරු ඇතුලත් කරන ලෙස ද ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී

රේගුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් වු පිරිවැය සළකා, වෙළෙඳපොළ සිල්ලර මිල, තොග මිල සැසඳීමක් සිදු කර ආනයනකරුවන් ලබා ගන්නා අයුතු ලාභයක් වේ නම් ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දුන්නේය.

2525 කාණ්ඩයේ භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගෙන් එකතු කළ අගය මත බදු (VAT) අය කර ගත හැකි පරිදි ඔවුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීම සහ 7000 කාණ්ඩය යටතේ භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත අවධාරණය කළ සභාපතිවරයා, 2018 සිට 2023 දක්වා කාලය තුළ ආනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී උපයන ලද අයුතු ලාභ සඳහා දේශීය ආදායම් පනතට අනුව බදු අය කර ගැනීමට (super gain tax) හා එහි ප්‍රගතිය මේ මාසයේ අග වන විට කාරක සභාවට වාර්තා කරන ලෙස ද උපදෙස් ලබා දුන්නේය.

ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව, හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදි නැවත අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා, ආනයනකරුවන්ගේ ලැයිස්තුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කාරක සභාවේ ප්‍රකාශ වු කරුණු ප්‍රකාරව අවශ්‍ය නිර්ණායක හඳුනාගෙන මිල සූත්‍රයක් හා පිරිවැය සැකැස්මක් (Cost Structure) සකස් කරන ලෙසත්, එම පිරිවැය සැකැස්ම අනුව භාණඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙසද නියෝග කළ සභාපතිවරයා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසු ඇති විය හැකි භාණ්ඩ හිඟය වැලැක්වීම සඳහා ගත හැකි පියවර සොයා බලා තීරණය කිරීම ද පාරිභෝගික සේවා අධිකාරියේ වගකීමක් බව ද, අවධාරණය කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික සේවා අධිකාරිය මගින් දැනට අත්හිටුවා ඇති බැවින් එය නැවත ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත් විය යුතු බව අවධාරණය කෙරිණ.

උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනුවට වෙළඳ අමාත්‍යාංශය විසින් සෘජුව ආනයනය කර පාරිභෝගිකයා වෙත ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද උපදෙස් ලබා දුන් අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල රේගුවෙන් නිදහස් කළ මිල, වෙළඳපොල මිල හා උපරිම සිල්ලර මිල ආදී තොරතුරු වෙබ් අඩවි, ජංගම යෙදුමක් හා FB වැනි සමාජ මාධ්‍ය හරහා ජනතාව වෙත දැනුම් දීම සඳහා කාරක සභාව විසින් මග පෙන්වනු ලබන බව ද ප්‍රකාශ විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි හා අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩී. ජේ සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි, අලි සහීර් මවුලානා, අසංක නවරත්න, ගාමිණී වලේබොඩ, වීරසුමන වීරසිංහ, යන අය සහභාගී වී සිටියහ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan