අකිල ධනංජය සිව් දින තරගාවලියේ සිව්වන සතියේ දී සිව්වන වරටත් ඉණිමක කඩුලු පහේ සීමාවට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 04,කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන සිව් දින තරගාවලියේ සිව්වන සතියේ දී සිව්වන වරටත් ඉණිමක කඩුලු 5 සීමාව කරා යන්නට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට හැකි වුණා.දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අකිල මෙම තරගයේදී මහනුවර කණ්ඩායමට එහෙිව ලකුණු 140 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වුණා.


අකිල පන්දුවෙන් කෙතරම් ඉහළ දස්කම් දැක් වුව ද පැතුම් නිශ්ශංක ලකුණු 203 ක් සහ කඩුලු රකින සොහාන් ඩි ලිවේරා ලකුණු 141 ක් රැස් කරමින් මහනුවර ලකුණු පූවරුව ලකුණු 453 දක්වා ඔසවා තබන්නට සමත් වුණා.විශේෂයෙන් ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල සඳහා මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලකුණු 245 ක සබඳතාවයක් ඇති කිරීම කැපී පෙණුනා.


තරගායේ දෙවන දිනය නිමාවන විට දඹුල්ල කණ්ඩායම ද කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 207 ක් රැස් කර සිටින අතර කඩුල්ලේ නොදැවී සිටින දඹුල්ල නායක ධනංජය ද සිල්වා ලකුණු 81 සහ දසුන් ශානක ලකුණු 34 ක් ලබා සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...