ඉදිරියේ බලය ගන්න ඉන්න අයට අවධාරණය කරමි : මේකේ ඉන්නෙ පොල් පිති වලිනුත් කැරළි ගහපු ජනතාවක් !

Date:

1818ට කලින් ලංකාවේ ඉතිහාසය තුල පාලකයන්ට එරෙහි සන්නද්ධ කැරළි තිබුනේ නැති තරම්.. හැබැයි ඉන් මෙහා ඉතිහාසය සීයට දේසීයකින් වෙනස්.. විශේෂයෙන්ම මීට දශක පහකට පමණ මෙහා කාලය තුළ උතුරේ සහ දකුණේදී පාලකයන්ට එරෙහි සන්නද්ධ නැගිටීම් එක දිගට පැවතුනා පමණක් නොව එකාපිට එකා මැරී වැටෙද්දී පවා යළියලිත් සමාන්තර සන්නද්ධ නැගිටීම් සිදු උනා…

විශේෂයෙන්ම මේ මොහොතේ පවතින අතිශය පැටලිලි සහගත සංකීර්ණ ආර්ථික අර්බූදය විසඳන්නෙ කොහොමද කියලා දන්නේ නැතිව දේශීය ගොඩ වෙදකම් වලින් හා දක්ෂිණාංශික හා වාමාංශික කලවම් එක්ස්පරිමන්ට් වලින් අර්බූදයට උත්තර හොයන්න හිතා ගෙන නම් බලය ගන්න එන්න එපා.. මොකද දැන් ඔය දේශීය ගොඩ වෙදකම් වලට සපෝට් දෙන රැල්ලම තමා වැඩේ වැරදිලා සාගතේ ආවාම පාලනයට එරෙහි මාරාන්තික රැල්ල හදන්නෙත්…

හැටනම ලක්ෂයක ජනබලයෙන් ගෝඨාව රජ පුටුවේ වාඩිකරලා කිරිබත් කාපු ජනතාවම තමා ගෝඨාට වැඩේ ඇනුනම ජනාධිපති මන්දිරේට පැනලා ගෝඨාව පන්නලා දැම්මෙත්..

ගෝඨාට එහෙම කරාට අපිට එහෙම කරන්නේ නෑ කියලා නම් හිතන්ට එපා මොකද එක්ස්පරිමන්ට් කරන්ට ගිහින් ගෝඨටත් වඩා වැඩේ අනාගත්තොත් ගෝඨාට හම්බ උන සම්බුව වගේ තුන් ගුණයක විතර සම්බුවක් ලැබෙන්ට පුලුවන් .. මොකද ඒ ඒ දේශපාලන මොහොත වෙනස් උනාට ජනතා ගතිකත්වයක් එහෙම ලේසියෙන් වෙනස් වෙන්නෙ නෑ.

කාලගුණය මොහොතෙන් මොහොත වෙනස් උනාට දේශගුණය වෙනස් වෙන්නෙ නෑ …!

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...