තායිවාන භූ කම්පනයෙන් නොකියාම ගිය මිනිසුන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත්දා තායිවානයේ නැඟෙනහිර පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 690 දෙනකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තායිවාන ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කර තිබෙන්නේ, වසර 25කට පසු එරට රිච්ටර් මාපකයේ 7.4ක අගයක් සටහන් කළ දරුණුතම භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, පුද්ගලයන් 1050ක් තුවාල ලබා ඇතැයි ද තහවුරු වුවද, තවත් පුද්ගලයන් 690 දෙනකු අතුරුදන් වූ බවට හෝ සුන්බුන් අතර සිර වී සිටින බවට අනුමාන කරන බවයි.

ඉන් වැඩි පිරිසක් තායිවාන ජාතික වනෝද්‍යානයේ හෝටල් සේවකයන් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ දිනය වන විට තවත් අතුරු කම්පන 40ක් පමණ තායිවානය කේන්ද්‍ර කරමින් සිදු වී ඇත.

ඉන් එක් භූ කම්පනයක් රිච්ටර් මාපකයේ 6.4ක අගයක් සටහන් කර ඇතැයි ද වාර්තා වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...