සිරිමාවෝ ක්‍රිකට්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් රුකුල් දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 05, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් ලෙදර් පන්දු ක්‍රිකට් ආරම්භ කිරීම සඳහා පිරිනැමූ පැති පුහුණු කඩුල්ල එම විද්‍යාලය වෙත භාරදීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක මොරිස් ද සිල්වා අතින් සිදු විය.

එම විද්‍යාලයේ පාසල වයස අවුරුදු 15 සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති අතර එම ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට,සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යලීය විදුහල්පතිණි,ආචාර්ය ජේ.සුමේධා ජයවීර විසින් ස්තූතිය පුද කළාය.

එහිදී අදහස් දැක් වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකා මෙත්මි ආදිත්‍ය පැවසුවේ පාසලට පුහුණුවීම් කඩුල්ලක් ලැබීම ගැන සතුටු වන බවත්, එයින් හොඳ කණ්ඩායමක් ගොඩනැගීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බාලිකාවන්ගේ අරමුණ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...