අද පහළ ගිය ඩොලරය!

0
1953

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):අද (05) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.28 ක් ලෙස පහළ ගොස් තිබේ.

ඒ අනුව, ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 293.95 – රු. 303.90

කොමර්ෂල් බැංකුවේ – රු. 293.47 – රු. 302.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 303.00

සෙලාන් බැංකුව – රු. 293.35 – රු. 302.85

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.50 – රු. 305.50

එන්.ඩී.බී. (NDB) – රු. 292.40 – රු. 303.40

අමානා බැංකුව – රු. 296.75 – රු.302.25

ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00