රුසියානු ගුවන් යානා හයක් සිය ඩ්‍රෝන යානා මගින් විනාශ කළ බව යුක්රේනය තහවුරු කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය විසින් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මඟින් විනාශ කළ බව කියෙව් තහවුරු කර තිබේ.

ප්‍රහාරය හේතුවෙන් තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර, සේවා නිලධාරීන් 20 දෙනෙකු මියයාමට හෝ තුවාල ලැබීමට ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

යුක්රේනය මෑතකදී රුසියාව තුළ හමුදා සහ බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉලක්ක වෙත ඩ්‍රෝන් ප්‍රහාර වේගවත් කර ඇති අතර රුසියාව තම හමුදාව උග්‍ර පතොරම් හිඟයකට මුහුණ දී සිටින බවට පුන පුනා අනතුරු අඟවා ඇතත්, මේ වසරේ දේශීයව ඩ්‍රෝන යානා මිලියනයක් නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරගෙන ඇත.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ලබා දී නොමැති අතර සරතොව්, කර්ස්ක්, බෙල්ගොරොඩ් සහ ක්‍රස්නෝඩර් ප්‍රදේශ ද ඉලක්ක කර ගත් යුක්රේන ඩ්‍රෝන යානා සියල්ල වෙඩි තබා බිම හෙළූ බව සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...