රාමසාන් උත්සවයෙන් පසු ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට පියවර!

Afghan refugees arrive in trucks from Pakistan at the Afghanistan-Pakistan Torkham border in Nangarhar province on October 30, 2023. Islamabad has issued an order to 1.7 million Afghans it says are living in the country illegally to leave by November 1, or be deported. (Photo by Wakil Kohsar / AFP)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):තවත් ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් රාමසාන් උත්සව සමයෙන් පසු පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට සුදානම් වන බව එරට මාධ්‍ය පවසයි.

පාකිස්තාන බලධාරීන් සදහන් කරන්නේ, පාකිස්තානයේ අනවසරෙන් රැදි සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ දෙවන වටය රාමසාන් උත්සව සමයෙන් අනතුරුව ආරම්භ කරන බවයි.

නිත්‍යානුකුල ලියකියවිලි නොමැති ඇෆ්ගනිස්තාන ජාතිකයින්ට මේ වන විට නිදහසේ පාකිස්තානය තුළ සැරිසැරීමට අවකාශය නොමැති බවද වාර්තා වේ.

තවද පාකිස්තාන පොලිසියේ දැඩි බලපෑම්වලට යටත් වීමට සිදුව ඇති බව ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පැමිණිලි කර ඇති බව ද සදහන් වේ.