*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

අප්‍රේල් 05, වොෂින්ටන් LNW :

🍎රනිල් වැල් පාළමෙන් ඒ දණ්ඩට මාරුවීම….?

🍎ලබමින් ඇති ජය රකිනවාද යළි ප්‍රපාතයට වැටෙනවාදැයි තීන්දුව ජනතාව අතේ….?

🍎“රනිල්ට ඉඩ දෙන්න” රටපුරා සයිකල් මෙහෙයුමක්.

🍎කපටි නරියා ලග හිටං ගේ අදෝනා…..?

🍎ශ්‍රීලනිප නායකත්වයට නම් තුනක්…..?

🍎ගිණිගත් රට නිව්වේ අපි වුණාට ත්‍රීවිල් මල්ලිලා මාළිමා පොටෝ ගහගෙන යනවා….?

🍎හොදම ටෙලිනාට්‍යට හිමි සම්මානය පාර්ලිමේන්තුවට…?

🍎සජබ කාවින්දගේ නිවසේදී නරියා ඇඔරූ ගුලි….?

🍎නරියාට ගේම දෙන්නට ආ ගුරුන්ට අකුරු වැරදීම…?

🍎විවාදය මග අරින ගේම වාතවී මාළිමාව ඇතුලේ කචල්….?

🍎මාළිමාව රට හදන හැටියි අන්දරේගෙ කරට ගල උස්සා තැබීමයි දෙකම එකයි….?

🍎විවාදයේදී සජිත් ඉංගිරිසියෙන් පැහැදිලි කළොත් මාළිමාවට කචල්….?

🍎 මාළිමාව ලබන ඡන්ද ගැන සුජිත් මංගල ගේ අමුතු සංඛ්‍යා දත්ත විග්‍රහය…..?

🍎වොෂින්ටන් හා කොළඹ යාකරන ඇමෙරිකන් මහින්ද ගේ මෙහෙයුම….?

🍎හැපුනු නැවේ අහිතකර ද්‍රව්‍ය තිබුණාද. සියලු තොරතුරු වොෂින්ටන් තානාපති අංශ අතට…!

            මෙතෙක් වැල් පාළමේ ගිය රනිල් දැන් ඒ දණ්ඩට මාරුවී තිබෙනවාදැයි සිතෙන තරම්ය.

     “නිවැරදි තීන්දු නිසා ආර්ථිකය නිවැරදි මගට වැටී රට ශක්තිමත් වෙලා. දැන් අපට බැන බැන හරි කාටත් දේශපාලනය කල හැකියි. ආර්ථිකය තාම ඒ දණ්ඩේ නිසා එම වැඩ පිළිවෙල  ජයග්‍රහණය තෙක් ගෙනියනවද ඉන් ඉවත්වී යළි ප්‍රපාතයට වැටෙනවදැයි තීන්දු කලයුත්තේ ජනතාවයි” රු ලක්ෂ 3650 ක වියදමින් මහල් 05 ක මැණික් කුළුණ රත්නපුරේදී විවෘත කරමින් රනිල් කීවේය.

      “මම බාරගත්තෙ ගිණිගත්ත රටක්. අපි ඒක නිව්වම ත්‍රීවීල් මල්ලිල දැන් මාළිමාවෙ පොටෝ ගහං දුවනවා” රනිල් කීවේ  කින්ඩියටය.

      “කලගුණ නොදත් අය” අයෙක් කීවේ රහසිනි.

            කුළුණේ දෙවන අදියර තට්ටු 14 කි. දැනට මැණික් ව්‍යාපාර ස්ථාන 27 ක් තිබෙන අතර ඉන් 10 ක් විදේශ වලට ය.

       “මැණික් නැති හොංකොං වසරකට ඩො බිලි 12 ක් හා තායිලන්තය 06 ක් උපයනවා. මුලින් වසරකට ඩො බිලි 02 ඉක්මවීම අපේ ඉලක්කයයි” ඇමති රමේශ් කීය.

       බංකොලොත් රටේ ආර්ථිකය හදන්නට වළිකන රනිල් රෑට නෙට්ප්fලික්ස් තුළින් චිත්‍රපට නරඹයි. ගී ශ්‍රවණය කරයි. එසේ රහසේ කලාවට ආදරය කරන ඔහු රයිගම් සම්මාන දෙන්නට ගියේය.

       “හොඳම ටෙලිනාට්‍ය සම්මානය දෙන්න ඔිනෑ මැතිසබේ විකාශයටයි” ඔහු ඇත්තම කීවේ සියලු දෙනා බඩ අල්ලා සිනාසෙද්දීය.

         ඉරිදා කපටි නරියා සජබ වෛද්‍ය කාවින්දගේ නිවසට ගියේ පාස්කු කෑමකටය. ඊට කුරුණෑගල හා කෑගල්ල සජබ මන්ත්‍රී දෙදෙනෙක්ද එක්විය. දේශපාලනය ආර්ථිකය හා මැතිවරණ ගැන ද බොහෝ දේ කතාබහ කරද්දී ගුලියක් ඇඔරුවාදැයි දන්නේ ඔහුය.

       පසුදා ගාසා හි දරුවන්ට එකතු කල ඩො මිලියනයක් ප්‍රධානය කල රනිල් ලාංකීය මුස්ලිම් දරුවන්ගෙ ගැටලු ගැනද ගැඔුරු කතාබහකට එක්විය.

       “එජාප කලාප සංවිධායකලා 1000 ක් පත් කරනවා. මැයි දිනේට එක්කෙනෙක් 60 ක් ගේනවා. “රනිල්ට ඉඩ දෙන්න” තේමාව යටතේ රටපුරා මෝටර් සයිකල් චාරිකාවකුත් යනවා” රංගෙ කීවේ එජාප කලමනාකරණ කමිටුවේදීය.

       “පළිගැනීමට ලක්වූ එජාප අයට කැබිනට් පේපර් දැම්මා. දැන් එයාලට තොරතුරු දෙන්න කියන්න” රනිල් කීය.

      ආයෝජන සම්මාන උළෙලක් මෙරට මුල් වරට පැවතියේ දිනේෂ් වීරක්කොඩිගේ දැවැන්ත කැපවීමෙනි. මෙතෙක් රටට විශාලම මෙහෙයන් ඉටුකල ආයෝජකයන්ට සම්මාන පිරිනැමිණ.

     කෘෂි හා සංචාරක ක්ෂ්‍රේත්‍ර ගැන තිබු සාකච්ඡාවකදී යාල ගැන ද කතා විය.

       “ඔබතුමාගෙ යාළුව සජිත් හැමදාම යාල කොටි බලනවා. ඒත් එතන ප්‍රශ්න කතා කරන්නෙ නෑ” අයෙක් කීය.

      “අපි එතුමට දිගටම කොටි බලන්න යාල පහසුකම් හදනවා. එතකොට කතා කරාවි” කපටි නරියා කීවේ ඇඟට නොදැනීය.

      බස්නාහිර ගුරු පත්වීම් දීම අරලියගහ මැදුරේදී පවත්වන උත්සවයට ජනපති ගියවිට “රට ගිණි තියන පක්ෂයක උපදෙස් පිට ජනපතිට විරෝදය දක්වන වට්ස් ඇප් මෙහෙයුමක්” යන බව සමන් ඒකනායකට පණිවිඩයක් ලැබිණ.

       ජනපති වේදිකාවට එනවිට නොනැගිටීම ඉන් අගවා තිබුණ ද 90%ක් ඒ අනුව ක්‍රියාකළේ නැත. කිහිප දෙනෙක් එම ක්‍රියාව කල ද සෙසු අයගෙන් ඊට විරෝධය පළවිය.

     “ඔයා පංතියට ගියාම දරුවොත් ඔික කළොත් මොකද වෙන්නේ. අපි ගරු කරන්නේ පුද්ගලයෙකුට නෙවෙයි රාජ්‍ය නායක තනතුරටයි” පිරිසක් කෑගසද්දී වාඩිවී සිටි කිහිප දෙනාද හිමින් සීරුවේ නැගිට්ටේය.

       බදාදා මැති ඇමති පිරිසක් ජනපති හමුවිය.

      “සජබ ආර්ථික කමිටුවෙන් මාළිමා කමිටුවට චැලෙන්ජ් එකක් කලා. අපි රට හදන වැඩ පිළිවෙල එතනදි කියනවා. මාළිමාවේ වැඩ පිළිවෙලත් එළිකරල සංවාද කරමු කිව්වම මාළිමාව ආර්ථික ඔස්තාර්ල බයවෙලා ඒක අනුරගෙ ඇඟේ පැටෙව්වා. ඒකට ඇතුලෙ කචල් කියලත් ආරංචියි” එහිදී එළිවින.

        “සජිත් වැඩේ බාරගෙන. ඔය දෙන්න සංවාදෙ කළොත් ඒක මාරෙට නැගල යාවි.මොකද දෙන්නගෙ බර වචන කාටවත් තේරෙන්නෙ නෑනේ. අනික සජිත් සමහර තැන් ඉංග්‍රිසියෙන් පැහැදිලි කළොත් අනුර හිරවෙනවා කියන ප්‍රශ්නයකුත් ඇති” අයෙක් කීවේ සිනාමැදය.

       “ITN එකටත් මේ විවාදෙ ලයිව් දෙන්න කියල සුදර්ශනට කියන්න” රනිල් කිවේ සාගල ටය.

     “සර් නම් සජිත් එක්ක වාදෙට යන්න එපා”ඇමති චාමර කීවේ මැණික් කුළුණ උත්සවයේදීය.

     “මට නෙවෙයි සජිත්  අනුරටයි චැලෙන්ජ් කරල තියෙන්නෙ. ඒක විපක්ෂයෙ ප්‍රශ්නයක්” නරියා කීවේ උපහාස ටෝන් එකෙනි.

       හිටං නරියාට කණපින්දම් කියා  හමුවක් දාගත් බවත්  හිටං තම දේපාලන හා නීතිමය ගැටලු ගැන අදෝනා කී බවත් නරියා “හ්ම්..හ්ම්” කියමින් රගපෑවේ ඇහුම්කම් දෙන්නාගේ චරිතයට බවටත් ගොසිප් පැතිරෙමින් තිබේ.

     රත්නපුරෙන් පිටවන විට ජනපතිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ගෙන් ඇමතුමක් ලැබිණ.

    “මෛත්‍රීපාලගෙ ශ්‍රීලනිප සභාපතිකමට තහනම් නියෝගයක් දාලා” දිනිත් කීය.

      ජනපති ශ්‍රීලනිප කිහිප දෙනෙකුට කතාකොට  සිදුවන්නේ කුමක්දැයි විමසීය.

     “ශ්‍රීලනිප සභාපතිකමට චන්ද්‍රිකා නිමල් සිරිපාල අමරවීරගෙ නම් යෝජනා වෙලා” එවිට කපටි නරියා කීවේ “හ්ම්” කියාය.

      බුහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට ආවේය.

       “මාළිමාව රට ගොඩදානවා කියනවා. කරන ක්‍රමය කියන්නෙ නෑ. ක්‍රමය එයාලත් දන්නෙ නැති නිසයි සජබ චැලෙන්ජ් එකේදි හිරවෙලා ඉන්නෙ” මහාචාර්ය ආශු කීවේය.

     “ගල අයින් කරන්න නම් ඒක උස්සලා කරෙන් තියන්නැයි අන්දරේ කියපු කතාවමයි මාළිමාව කියන්නේ. අනික ජවිපෙ කාඩර් එක පතුරන බොරු වලට උත්තර දෙන එකත් මදි බව මිනිස්සු කියනවා”අයෙක් කීය.

      “කුරුණෑගල පොල් ඉඩමක් පෞද්ගලික විශ්ව විද්‍යාලෙකට දුන්නම පොල් වත්තෙ වැඩ නැතිවෙනවා කියල ජවිපෙ ඒ මිනිස්සු කුලප්පු කරලා. විශ්ව විද්‍යාලෙ හදන කොටයි හැදුවමයි ගමට වෙන දියුණුව ජවිපෙ හංගනවා. රට හැදිල මිනිස්සු දියුණු වෙනවට අකමැති  කුහකයො ටිකක්” ආශු කීවේ මළ පැනලාය.

    ” සුජිත් මංගල ද සිල්වා ගේ ලංකා නිව්ස්වීක් එකේ මාළිමාව ලබන ඡන්ද ගැන සංඛ්‍යා දත්ත මහාචාර්යවරු කට්ටියක් කරපු වටින විග්‍රහයක් තිබුණා. ඒක අනුව 03% හිටපු මාළිමාව දිනන්න නම් 1482% ක් හා කලින් ගත්ත වගේ 14 ගුණයක් ඡන්ද ගන්න ඔිනලු. එහෙම වෙනව නම් ඉතිං බස්නාහිරින් ඉර පායාවි”ජනපති උපදේශකයෙකු කීවිට කපටි නරියා නළල රැලි ගැන්වීය.

     ඇමෙරිකන් මහින්ද ලංකාවට පැමිණ ජනපති ද හමුවිය.එහිදී බොහෝ දේ කතාවිය.

      “මම වොෂින්ටන් නගරාධිපතිනි හමුවෙලා කොළඹයි වොෂින්ටනුයි අතඑ සහයෝගිතා ගිවිසුමක් ගහන්න පදනම දැම්මා”ඇමෙරිකන් මහින්ද කීවේය.

     “ඒක වටිනම වැඩක්. තව Push කරන්න” ජනපති කීය.

     “මේයර් හා DC බිස්නස් ඩෙලිගේෂන් එකක් ලංකාවට ගේන්නත් ඇය එක්ක කතා කරගෙන යනවා” මහින්ද කීවේය.

     “Excellent” රනිල් කීවේ ඇමෙරිකන් මහින්ද අගයමිනි.

           වොෂින්ටන් ආශ්‍රිත බැල්ටිමෝර් පාළමේ ගැටී අනතුරට පත් ලංකාවට යමින් තිබූ නැවේ සිටි ලාංකික නැවියා සමග කතාකිරීමට තානාපති නිළධාරීන් සමත්ව තිබේ. තවද නැව තුළ පරිසරයට අහිතකර ද්‍රව්‍ය තිබුණාද යන්න ගැනත් ඇමෙරිකාවේ අදාළ ආයතන සමග සංවාදයක් ද අරඹා තිබෙන අතර බොහෝ විස්තර ලැබෙමින් පවතී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan