යුක්රේනයේ රුසියානු ආක්‍රමණය සමගින් එරටදේශීය හා ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව පිලිබඳ තත්වය අභියෝගයකට ලක්ව ඇත.සාරවත් පසක් සඳහා ප්‍රසිද්ධ යුක්රේනය තිරිඟු , බාර්ලි, සූරියකාන්ත සහ බඩ ඉරිඟු, ඵලදාව විශේෂයෙන් මඋතුරු අප්‍රිකාවට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු ලෙස ප්‍රසිද්ධය.කෙසේ වෙතත්, ගොවීන් සහ සමාජ විශ්ලේෂකයින් සඳහන් කරන්නේ පොහොර නොමැතිකම, ට්‍රැක්ටර් සඳහා අවම ඉන්ධන සැපයීම, වරාය වසා දැමීම සහ හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් වගාව, අස්වැන්න සහ අපනයනය යන සියල්ල අඩාල වී ඇති බවයි.
බඩ ඉරිඟු සහ සූරියකාන්ත වැනි වසන්ත ඝෘතුවේ වගා කෙරෙන භෝග සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන භූමියෙන් අවම වශයෙන් තුනෙන් එකක්වත් මේ පවතින් තත්වය මත වගා නොකිරීමට ඉඩ ඇත. තවද, පසුගිය සරත් සෘතුවේ සිටුවන ලද බෝගයන්හි මෙන්ම තිරිඟු අස්වැන්නෙන් තුනෙන් එකක් අහිමි විය හැකිය.එරට ගබඩා කර ඇති තිරිඟු කුඩා ප්‍රමාණයක් පෝලන්තය සහ රුමේනියාව හරහා දුම්රිය හා මාර්ග මගින් අපනයනය කරන බව වාර්තා වේ.ගෝලීය ධාන්‍ය මිල පෙබරවාරි මාසයේ දී ඉහළම අගයක් දක්වා ඉහළ ගියේය.
ගැටුම් පවතින හෝ සාගත වැනි ස්වභාවික විපත් අත්විඳින රටවලට හදිසි සැපයුම් සපයන එක්සත් ජාතීන්ගේ සංවිධානය වන ලෝක ආහාර වැඩසටහන, මේ සතියේ පැවසුවේ ආහාරවල මිල ඉහළ යාමෙන් අදහස් කරන්නේ එය දැනටමත් සලාක වශයෙන් ලබා දීමට නාහැකි තත්වයක පවතින බවයි.
යුක්රේනයේ තිරිඟු බොහොමයක් සරත් සෘතුවේ සිටුවනු ලබන අතර, බඩ ඉරිඟු සහ සූරියකාන්ත ඇතුළු අනෙකුත් භෝග, ඉදිරි සතිවලදී වසන්ත ඝෘතුව තුල සිටුවනු ලැබේ.ගබඩා තුළ තබා ඇති තිරිඟු විකිණීම සඳහා ඇති සීමාවන් ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට තර්ජනයක් නොවන බව රට පුරා ගොවීන් 1,000 ක් පමණ නියෝජනය කරන යුක්රේනියානු කෘෂි කවුන්සිලයේ සභාපති Andrii Dykun පවසයි.වසන්ත ඝෘතුවේ වගා කෙරෙන භෝග සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන අක්කරවලින් තුනෙන් එකක් පමණ ප්‍රමාණයක් මේ වසරේ වපුරා නොතිබිය හැකි යැයි ඇස්තමේන්තු කරයි.
පසුගිය සරත් සෘතුවේ රෝපණය කරන ලද තිරිඟු බෝගය ශීත ඍතුවේ දී හිතකර කාලගුණයක් සමග වර්ධනය වී ඇති නමුත්, එයින් 40% ක් පමණ යුධමය කලාපවල ස්ථාපිතය.යුක්රේනයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල බොහෝ ගොවීන්ගේ ඉඩම්වල යුධ ටැංකි, හමුදා යන්ත්‍රෝපකරණ සහ මිසයිල පවා සවිකර ඇත.