අවස්ථාවාදී ඇමතිකම් ගන්න අපි එන්නේ නැහැ – සජිත් පාර්ලිමේන්තුවේදීත් යළි තහවුරුවක් දෙයි

Date:

අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ජනාධිපති,අගමැති,ඇමති අං තට්ටු දමා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති අතර බලයට පැමිණෙන්නේ නම් ඒ ජනතා ආශීර්වාදයෙන් බවයි ප්‍රේමදාස මහතා කියා සිටියේ.

මේ අතර දැන් මහ පොළවේ විරෝධයට ආණ්ඩුව අවනත විය යුතු බවත් දැන් හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බවත් හෙතෙම සඳහන් කරන ලදී.

හැකි නම් එය මෙම සතිය තුළම ආරම්භ කරන ලෙසයි ඔහු පැවසුවේ.

මේ අතර නිවැරදි යහපත් ප්‍රතිපත්ති මත පිහිටා රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් හොද වැඩක් කරන්නේ නම් එයට ඕනෑම අවස්ථාවක සහය දෙන බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...