මහින්දගේ වැරදි තීන්දුවක් නිසා අද රටම ගිනිගන්නවා – වෙල්ගම (VIDEO)

Date:

අද වනවිට රට මුහුණ පා ඇති අර්බුධයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ වත්මන් අගමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කළේය.

ඒ, අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලන අත්දැකීමක් නැති ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙක් ඊට පත් නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද සිය පවුලේ කෙනෙකු පත්කිරීමේ අවශ්‍යතාව මත හිටපු ජනධිපතිවරයා එම වැරදි තීන්දුව ගත් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ වැරදි තීන්දුවක් නිසා අද රටම ගිනිගනිමින් තිබෙන බව හෙතෙම සඳහන් කරන ලදී.

තමන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ වසර 40ක් දේශපාලනය කළ නමුත් අද රටට සිදු වී ඇති දෙය දකින විට ඉතා කණගාටුවක් දැනෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...