ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බිලියනපතියන්ගේ සහාය ලබන න්‍යාය පත්‍රයකට අනුකුලව තීරුබදු හඳුන්වා දීම , අධිකාරි බලය ඉක්මවා යාම, පොදු සේවාවන් හා ප්‍රජාතන්ත්‍රවාදය අතිශය ධනවතුන්ට භාර දීම සම්බන්යෙන් වොෂින්ටන් ඩීසී, ෆ්ලොරිඩා හා රටපුරා විරෝධතා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රට පුරා 1,000කට අධික විරෝධතාවන් සංවිධානය කර ඇති අතර වාමාංශික සංවිධාන MoveOn, කම්කරු, පාරිසරික සහ අනෙකුත් ප්‍රගතිශීලී කණ්ඩායම් විසින් ඒවා මෙහෙයවනු ලැබේ. මෙම විරෝධතා සඳහා 500,000 කට අධික පිරිසක් වීදි බැසීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ,

ප්‍රධානතම විරෝධතාව වොෂින්ටන් ඩීසී හි ජාතික වෙළඳ සංකීර්ණයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී මේරිලන්ඩ් හි ඩිමොක්‍රටික් පක්ෂයේ ජේමි රස්කින්, ෆ්ලොරිඩාවේ මැක්ස්වෙල් ෆ්‍රොස්ට් සහ මිනසෝටා හි ඉල්හාන් ඕමාර් ඇතුළු කොංග්‍රස් සාමාජිකයින් ජනතාව අමතනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව විරෝධතා සංවිධායකයන් සඳහන් කරන්නේ, මෙය ඇමරිකානු ඉතිහාසයේ පසුගිය වසර කිහිපය තුළ විශාලතම විරෝධතාවය බවට පත්වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...