*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ලාංකික තරුණයන්ට කොරියාවෙන් කොළ එළියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීන් පවසා තිබෙන්නේ ,ශ්‍රී ලාංකික තරුණයන් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙන බවටයි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත්තේ , එරට ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසකි .

දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.

මෙම නියෝජිත පිරිස පවසා ඇත්තේ , මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

විශේෂයෙන් මෙම ශ්‍රමිකයින් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර ඇති අතර , එහිදී රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුහු පෙන්වා දී ඇති අතර මෙරට ශ්‍රමිකයින්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික කළේය.

නියෝජිත පිරිස මෙහිදී සඳහන් කර ඇත්තේ , මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බවත්ය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan