*
Friday, December 13, 2024
spot_img

Latest Posts

විස්ස දිනලා දහයක් (Video)

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 06, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝකයම ජයගත් අවස්ථාව හැටියට තවමත් බොහෝ දෙනා සලකන්නේ 1996 වසරය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අභිමානය අනූ හයෙන් නැවැත්වීමේ යම් ව්‍යාපෘතියක් සමාජය තුළ ව්‍යාප්තව පවතින බව හැඟෙයි.එයට යම් වාසි සහගත තත්ත්වයන් තුළ සවිඥානිකව හෝ අවිඥානිකව සම්බන්ධ වෙන පිරිසක් විසින් අනූ හය උත්කර්ෂයට නැංවුවද,ශ්‍රී ලංකා ක්‍රිකට් 2014 වර්ෂයේද විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානයේ හිමිකරුවෝ වූහ.එයද අනූ හය වර්ෂයේ දිනූ තරම්ම වටිනා ලෝක කුසලානයකි.

යම් යම් පුද්ගල කේන්ද්‍රීය චරිත විසින්ද,ඒවාට සම්බන්ධ වුණු යම් යම් සමාජ ව්‍යාපෘති විසින්ද, අනූහයේ ලෝක කුසලානයට සම්බන්ධ චරිත ලෝක සූරියෝ හැටියට හුවා දක්වමින්,2017 වර්ෂයට සම්බන්ධ චරිතවලට ඒ අභිමානය අහිමි කරමින් ද ක්‍රියා කිරීම ලාංකේය ක්‍රිකට් ඉතිහාසය නිවැරදිව කියවා ගැනීමක් නොවේය.2017 වර්ෂයේ ක්‍රිකට් සූරයෝ ද අනූ හයේ ක්‍රිකට් සූරයෝ තරම්ම හරසරට සහ අභිමානයට පාත්‍ර විය යුත්තෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේදී විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වූයේ අදටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වය යටතේය.කණ්ඩායමක් වශයෙන් චන්දිමාල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලැබුවද,පිතිකරුවකු වශයෙන් කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු වූ අභිලාෂයන් චන්දිමාල්ට ඉටුකරන්නට නොහැකි විය. මේ අසමත්වීම මත දිනේෂ් චන්දිමාල් ද කැමැත්තෙන් කණ්ඩායමේ උපනායකයා ලෙස මේ සංචාරයට එක් වූ ලසිත් මාලිංගට නායකත්වය පැවරීමට එකඟ වෙමින්,ගත් තීරණයට ද 2014 වර්ෂයේ ශ්‍රී ලංකාව දිනූ විස්සයි විස්ස ලොකු කුසලානය ගැන කතා කරද්දි සිහිපත් කළ යුතුමය.එවැනි කැපකිරීම් ද, එසේ කළ ක්‍රීඩකයෝද ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ගෞරවණීය මතක සටහන් අතරේ නොමැකී තිබිය යුතුමය.

මේ 2014 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගි වූ කණ්ඩායමේ සිටි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ ඉහළම ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයෝය. තරගාවලියට පෙර සිටම කුමන් හෝ ව්‍යාපෘතියක අවශ්‍යතාවය මත මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ අවසන් විස්සයි විස්ස තරගාවලිය ලෙස මේ තරගාවලිය නම් කිරීමට යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.මහේල සහ සංගා ක්‍රීඩා කළ අවසාන 2020 ලෝක කුසලානය එම තරගාවලිය වූයේ එම ව්‍යාපෘතියේ කොටසක් හැටියටය. ඒ නිසා එම ක්‍රීඩකයන් දෙදෙනාට යම් ආකාරයක අමිහිරි බලපෑමක් සමග සමුගන්නට සිදුවිය.එහෙත් 2014 ට පෙර ලෝක කුසලානයේ හිමිකරුවන් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ඩැරන් සාමි වැන්නන් ක්‍රිකට් ඉතිහාසය තුළ අමතක කළ නොහැකි විශිෂ්ටයන් දෙදෙනකුට සමුගැනීමට සඳහා ස්වභාවධර්මය විසින් ලබාදුන් විශිෂ්ඨම ත්‍යාගය ලෙස 2017 ලෞකික කුසලාන ජයග්‍රහණය හැඳින්වීය.

එම ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් අවසාන තරගයේදී කුමාර සංගක්කාර දියත් කළ,විශිෂ්ට ඉණිම අදටත් ලෝක ක්‍රිකට් ඉතිහාසය විසින් ස්වර්ණමය මතක සටහනක් ලෙස යළි යළිත් මතු කරන ඉණිමකි. ඒ වන විට සමාජ දාලා වල ක්‍රිකට් විචාරක මැදිහත්වීම මේ තරම් පුළුල්ව නොතිබුනත්,දිගින් දිගටම අසමත් වන සංගක්කාර ක්‍රීඩා කිරීම ගැන බරපතල විවේචන මතුවෙමින් තිබිණ.එහෙත් කණ්ඩායම නිරන්තරයෙන් සංගක්කාරගේ අවශ්‍යතාවය ගැන විශ්වාස කළේය.ඒ විශ්වාසය 2014 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ලැබීමට ප්‍රධානම සාධකය බවට පත්විය.

ලසිත් මාලිංගට නායකයකු වශයෙන් 2014 වර්ෂයේ ලෝක කුසලානය සිය අතට ගැනීමට කණ්ඩායම තුළ සිටි විශාලම ආශිර්වාදය බවට පත්වූයේ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර සතුව තිබූ ක්‍රිකට් අවබෝධය ය.විශේෂයෙන් මහේල විසින් නිවැරදි තීරණ ගන්නට මාලිංගට දැක්වූ සහයෝගයය.

තීරණාත්මක කඩඉම් වලින් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඉදිරියට තල්ලු කරන්නට,එක් එක් ක්‍රීඩකයන් දැරූ දායකත්වයක් සිහිපත් කළ යුතුමය.වරෙක ඊට උරදුන්නේ ජ්‍යෙෂ්ඨ මහේල ඩිල්ෂාන් හෝ සංගාය. තවත් අවස්ථාවකදී මාලිංග නුවන් කුලසේකර,තිසර පෙරේරා වැනි චරිත තීරණාත්මක සාධක ලෙස මතුවිය.පිතිකරණයේ අසමත්භාවය තේරුම් ගෙන කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වෙමින් ඒ මොහොතේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු හොඳම එකොළොස් දෙනාට අවස්ථාව දෙමින් ඉවත් වූ චන්දිමාල්ද එම තීරණාත්මක කඩඉමක් ලෙස අමතක නොකළ යුතු චරිතයකි. එසේම ශ්‍රී ලංකාවට ඉතාමත්ම තීරණාත්මක මොහොතකදී නවසීලන්තය පරාජය කිරීම සඳහා රංගන හේරත් පන්දුවෙන් දැක්වූ දක්ෂතාවයද 2017 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගිය ගමණේ අති විශිෂ්ඨ කඩඉමක් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබීම වැදගත්ය.

කැරලි ගැසුණු කොණ්ඩයත්,කණේ එල්ලුන තෝඩුවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී රටේ කීර්තියට කැළලක් ඇති කරන බවට වංගුමාර්ගයෙන් ප්‍රකාශ කළ ප්‍රවීණයන් ඉදිරියේ 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගැනීමට සමත් වූ ලසිත් මාලිංග කෙනෙකුගේ පෞද්ගලික ස්වරූපය සහ ක්‍රිකට් හැකියාව අතර ඇති පරතරය ගැන වෙනස් සිතීමකට මාර්ගයක් පාදා දුන්නේය. එහෙත් ඉන් මතුවත්,අදත් ක්‍රීඩක කුටිවල යතුරු හිලෙන් එබී,ඒ හරහා පිට්ටනිය කියවීමේ දුප්පත්කමින් මිදෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සමාජ ජාලා හරහා මතුවන ඇතැම් කරුණු වලින් පැහැදිළි වන්නේය. එහෙත් රටක් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට තමාගේ ක්‍රීඩක වගකීම අමතක කර පෞද්ගලික රුචි අරුචිකම් හරහා ක්‍රියා කිරීමද නොමනාය.ඒ ඔහු රටක සියලු පුරවැසියන්ට අදාලව වැටුප් ලබන වෘත්තීය වගකීමක් ඉටු කිරීමට බැඳී සිටින බැවිනි.

ශ්‍රී ලංකාව 2014 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ මතු කර පෙන්වූයේ කණ්ඩායමක් හැටියට එකතු වූ පසු, තනි තනිව පුද්ගලයන් හැටියට ලබා ගැනීමට නොහැකි අති විශාල ජයග්‍රහණ අත්පත් කරගැනීමට හැකි බවය.ඒ ජයග්‍රහණය වෙනුවෙන් අවස්ථාවෙන් අවස්ථාවට දක්ෂතාවලින් පෙරමුණ ගන්නෝ වෙනස් වූහ. එහෙත් ඒ සෑම මොහොතකම ඒ පෙරමුණ ගන්නා ක්‍රීඩකයා තුළින් පිළිඹිබු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැක්විය යුතු දායකත්වය වෙනුවෙන් කරන කැපවීමය. ඒ නිසාම 2014 ලෝක කුසලානය ගෙවෙන තප්පරයේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් සැකසී ඇති නැවුම් මාවත්වල ඇවිද යන්නට ප්‍රථමයෙන් උගත යුතු බොහෝ පාඩම් වලින් පොහොසත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan