සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමයෙන් රතු එළි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය විසින්, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම මස 29 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පවසයි.

එම ඉල්ලීම් අතර , ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සඳහා නිර්බාධ උසස් වීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දී තිබෙන දීමනා හා සමාන දීමනාවක් ලබා දීමයි.

එහි ලේකම් ධම්මික මිරිහාන පැවසූවේ, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වරින් වර අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබෙන නමුත් මේ දක්වා කිසිදු පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බවත් එහෙයින් ඉල්ලීම් දිනා ගැනීම සඳහා අඛණ්ඩ වර්ජනයකට යාමට සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බවත්ය.

විද්‍යාපීඨ වීශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන නමුත් එය කඩිනම් කිරීමේ වගකීම අමාත්‍යාංශය සතු වන බව ද මැතිවරණයට පෙර එම කෙටුම්පත සම්මත කිරීමට නොහැකි වුවහොත් එම ක්‍රියාවලිය යළිත් ආපස්සට යොමු වන බවත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...