සුව සේවකයන්ට සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 ක් වශයෙන් නිල ඇඳුම් දීමනා ඉහල දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින්ද ,මැලේරියා සහ බරවා මර්දන සහායක ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී , කීට විද්‍යා සහකාර ,පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා රුපියල් 6700 කින්ද පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9300 දීමනාව රුපියල් 15000 දක්වා 5700 කින්ද වශයෙන් හා දැනට ගෙවන දීමනාව මෙන් දෙගුණයක් වනසේ මෙම සියලු තනතුරු සඳහා ලබන වසරට බලපාන පරිදි 2025.01.01 සිට නැවතත් මෙම නිල ඇඳුම් දීමනා ඉහල නංවා ඇති බව පැවසේ.

මෙම සංශෝධිත දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.ජී.මහීපාල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙම වසර සඳහාවූ මෙම සංශෝධිත දීමනා මැයි මාසයේ සිටද ලබන වසර සඳහා වූ සංශෝධිත දීමනා එම වසරේ මාර්තු සිට ගෙවීමටද අනුමැතිය ලබාදී ඇති බව දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...