(VIDEO):සජිත් වැඩේ ඇනගන්නද හදන්නේ? සමඟි ජන සන්ධානය ආරම්භයේම කචල් – තිස්ස වහෙන් ඔරෝ කියයි

Date:

කොළඹ LNW: සන්ධානගත වීමකදී එන හැමකෙනා එක්කම එකතු වීම කළ යුතු නැති අතර මහජන විශ්වාසය සහිත චෝදනාවන්ට ලක් නොවුණු පුද්ගලයින් කණ්ඩායම් එකතු කරගැනීමට ප්‍රවේශම් විය යුතු බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මෙහිදී වඩා වැදගත් වන්නේ මහජන විශ්වාසය පළුදු නොවීම බව අත්තනායක මහතා කියාසිටියේය.

ඊයේ දිනයේදී අත්සන් තැබුණු සමඟි ජන සන්ධානයේ එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූයේ තමන් ඒ ගැන දැනගත්තේ ඊට පැය 24කට පෙර වූ හෙයින් යොදාගෙන තිබුණු වෙනත් කාර්යයකට තමන්ට යොමුවීමට සිදුවූ බවයි අත්තනායක මහතා සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණ දීම සඳහා සන්ධානගතවීම පක්ෂයේ නායකත්වයට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාව ලබා දී ඇති බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් ඇතිකරගන්නා වූ එකඟතාවන් ගැන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ තවදුරටත් සාකච්ජා කිරීම වැදගත් වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...

චාමික කොළ කණ්ඩායමෙන් කොළ එළිය විහිඳුවයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී...

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...