රුසියාවෙන් ප්‍රහාරයක්,සිවිල් වැසියන් 6ක් මිය යයි

0
378

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):යුක්‍රේනයට රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන සපොරිශ්ෂියා වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන් වේ.

යුක්‍රේනයේ දකුණු දිග නගරයක් වන සපොරිශ්ෂියා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් ඊට පෙර දිනද එල්ල වූ බව වාර්තා වේ.

ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.