රෂිකා හෙන්නායක අප්‍රේල් 06 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ප්‍රකට දෙමළ රූපවාහිනී නිළි සුභාෂිණී බාලසුබ්‍රමනියම් මහත්මිය චෙන්නායි හි පිහිටි සිය නිවසේදී දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇය, සිය උපන් දිනයට දින කිහිපයකට පෙර මෙලෙස අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ මානසික පීඩනය නිසා බව පැවසේ.
“කායල්” වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටි ඇයගේ අකල් වියෝව දකුණු ඉන්දීය කලා ක්ෂේත්‍රය දැඩි කම්පනයට පත් කර ඇත.

ඇය සිය ස්වාමිපුරුෂයා සමඟ වීඩියෝ ඇමතුමක් හරහා ඇති කරගත් බහින්බස්වීමකින් පසු මෙම තීරණය ගෙන ඇති බවට සැක කෙරෙන අතර, පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
සමාජ මාධ්‍ය තුළ විශාල අනුගාමික පිරිසක් සිටි මෙම දක්ෂ කලාකාරිනියගේ දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.
සුභාෂිණී බාලසුබ්‍රමනියම් ඇගේ උපන්දිනයට දින කිහිපයකට පෙර මෙලෙස මෙලොවින් සමුගෙන තිබේ.
ඇය අප්‍රේල් 12 වන දින ඇගේ උපන්දිනය සැමරීමට නියමිතව සිටියාය. තවද, මේ මාසයේම අප්‍රේල් 21 වන දින ඇගේ දෙවන විවාහ සංවත්සරය ද ළඟා වෙමින් තිබුණි. ඇය සමාජ මාධ්‍ය තුළක්‍රියාකාරී වූ අතර, ඇයට ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයින් 400,000 කට වඩා සිටි බවද වාර්තා වේ.



