*
Friday, April 19, 2024
spot_img

Latest Posts

IMF විරෝධය එදාත් ජනප්‍රියයි. හැබැයි ඒක වැරදි බව දැන් පැහැදිලියි – සියඹලාපිටිය

මීට වසර 20 කට පෙරත් රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන ගැන ප්‍රකාශ කළ අතර ඒ මොහොතේ තමන් ද ඊට විරුද්ධ වූ නමුත් අද වනවිට එම ස්ථාවරය වැරදි බව ඔප්පු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“අද අපි කතා කරන්නේ ආර්ථික විශේෂඥයන් සමඟයි. මේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකාවේ සරසවි ආචාර්යවරුන් සමඟ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවක්. කැබිනට් මණ්ඩලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යය බව පැවසූ විට කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගිය ඇමතිවරුන් ඉන්න රටක් මේක.

අපට සිදුවුණා උද්ධමනය පාලනය කිරීම සඳහා බැංකු පොලිය වැඩි කිරීමට. ආනයනය පාලනය කරන්න සිද්ධ වුණා. මේ නිසා ජනතාව විශාල පීඩාවකට පත්වූ බව අපි දන්නවා. ජන ජීවිතයේ පහළ මට්ටමට වගේම මධ්‍යම පාන්තිකයන් හටත් මේ තත්ත්වය බලපෑවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විකල්පයක් අපට තිබුණෙ නෑ. ජනාධිපතිතුමා මීට අවුරුදු විස්සකට පෙරත් මේ ගැන කතා කළා. අපි එදා හිටියෙ මීට විරුද්ධ පැත්තේ. එදා අපේ පැත්ත හරි ජනප්‍රියයි. හැබැයි ඒ තීන්දුව වැරදි බව අපි දැන් දන්නවා.

ඔබතුමාලා ආර්ථික විශේෂඥයින්. දැන් ජනාධිපතිවරයා කිව්වා අපි 18 වෙන වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා.

ඒ වගකීම වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කිරීමට අවශ්‍යයි. එහිදී ඔබලාගේ දායකත්වය අප අපේක්ෂා කරනවා.”

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර පැවති සාකච්ඡාවකදී ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan