කඩා වැටුණු නිෂ්පාදන ආර්ථිකය ?

සමහර අය කියන විදිහට හැත්තෑ හතට කලින් ලංකාවේ විශාල නිෂ්පාදන ආර්ථිකයක් තිබී හැත්තෑ හතෙන් පසුව එය නැති වී ගොස් තිබෙනවා. පැරකුම් යුගය වගේ සියවස් ගණනක් ඈත කාල වකවානු ගැන දැන ගන්න තියෙන්නේ සීමිත මූලාශ්‍ර පමණක් වුනත්, හැත්තෑ හතට කලින් කාලය ඒ වගේ දුරස්ථ කාල වකවානුවක් නෙමෙයි. එම කාලයේ ආර්ථිකය ගැන නිශ්චිත තොරතුරු තිබෙනවා.

හැත්තෑ හතට පෙර කාලයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ ඒ තුළ නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පහත වගුවේ හරියටම තිබෙනවා. 1976 වර්ෂය ගත්තොත් නිෂ්පාදන ආර්ථිකය රුපියල් මිලියන 3,527.6ක් පමණයි. ඩොලරයක් රුපියල් 8.41 ලෙස ගත්තහම ඩොලර් මිලියන 419.5ක්. 1976 ඩොලරයක් 2022 ඩොලර් 5.14ක් පමණ වටිනවා. ඒ අනුව, මෙම නිෂ්පාදිතයේ 2022 වටිනාකම ඩොලර් මිලියන 2,156ක් වෙනවා.

හැත්තෑ හතට කලින් ලංකාවේ තිබුණු ඩොලර් මිලියන 2,156ක නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතෙන් පස්සේ නැති වෙලා ගියාද?

දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇවිත් ආර්ථිකය විශාල ලෙස සංකෝචනය වුනාට පස්සෙත්, 2022දී ලංකාවේ කාර්මික නිෂ්පාදිතය රුපියල් බිලියන 7,309ක්. ඩොලර් මිලියන 22,517ක්. ඒ කියන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය හැත්තෑ හතට කලින් තිබුණු ප්‍රමාණය මෙන් දහ ගුණයකටත් වඩා වැඩියි. මේ මට්ටමේ තිබෙන්නේ වසර තුළ පමණක් 16%ක අඩු වීමක් සිදු වුනාට පස්සේ.

හැත්තෑ හතෙන් පස්සේ සමහර අකාර්යක්ෂම රාජ්‍ය ආයතන වැහිලා ගියා. නමුත් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් සමස්තයක් ලෙස නිෂ්පාදන ආර්ථිකය විශාල ලෙස වර්ධනය වෙන එකයි වුනේ. ඒ කාලයේ නිෂ්පාදන ආර්ථිකය කියා කියන්නේ කිසිම තරඟකාරිත්වයක් නොතිබුණු, අපනයන වෙළඳපොළක් නොතිබුණු, ආනයන පාලනය නිසාම පමණක් රට ඇතුළේ විකුණා ගත හැකි වූ නිෂ්පාදන. හැත්තෑ හතෙන් පස්සේ හැදෙන්නේ ලෝකය එක්ක තරඟ කළ හැකි, දේශීය වෙළඳපොළට අමතරව ලෝකය පුරාම විකිණිය හැකි නිෂ්පාදන.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...