නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවන්ගේ සම්බන්ධීකරණ සංසදයට සහභාගී වේ

Date:

  1. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේප්‍ රධානත්වයෙන් 2023 අප්‍රේල් 4 වැනි දින කොළඹ මහා භාණ්ඩාගාර පරිශ්‍රයේදී පැවැති ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවන්ගේ සම්බන්ධීකරණ සංසදයට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා සහභාගී විය. ඔහු සිය මැදිහත්වීමේ දී භාණ්ඩාගාරයේ මෙමමුලපිරීම පිළිගත් අතර සය මසකට වරක් එවැනි සම්බන්ධීකරණ සංසදයක් කැඳවීමේ යෝජනාවට සහාය දැක්වීය. ආර්ථික අර්බුදය තුළ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දී ද ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට නොසැලී සහාය දුන් බව ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකාව ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් කරා ළඟා වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
  • ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර ප්‍රමුඛතම සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වය පැහැදිලි කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් ජේකබ් මහතාපැවසුවේ මිත්‍රශීලී අසල්වැසියන් අතර දකුණු-දකුණු සහයෝගීතාවයේ මූලධර්ම මත මෙම බැඳීම පදනම් වූ බවයි. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකා පාර්ශ්වයේ ප්‍රමුඛතාවලට අනුකූලව තෝරාගෙන ඇති අතර ඉන්දියානු නිවාස ව්‍යාපෘති, 1990 සුවසැරිය ගිලන් රථය, උඩරට නර්තනවිද්‍යායතනය, ශ්‍රී ලංකා යූඩීඅයිව්‍යාපෘතිය, ධීවර වරායන්, රෝහල්, පාසල් වැනි සමාජ-ආර්ථික අංශවලට අදාළ වේ. සමස්ත සංවර්ධන සහයෝගිතාආයෝජනකළඹ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් වන අතර පසුගිය වසර 8 තුළ ව්‍යාපෘති 20කට වැඩි ප්‍රමාණයක් නිම කර ඇත.
  • මුහුණ දී ඇති අභියෝග පිළිබඳව විස්තර කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස් ජේකබ් මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළ ආනයන සීමා කිරීම් සහ ධාරිතාව පිළිබඳ ගැටළු, ක්‍රියාත්මක කිරීමේ වේගය කෙරෙහි බලපා ඇති බවයි. තවද, ඇතැම් අවස්ථාවලදී දේශීය සම්පත් නොමැතිකම ප්‍රගතියට බාධාවක් වී ඇත. ඉන්දියානු ව්‍යාපෘතිවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දේශීයව ලබා ගත හැකි සහ පාරිසරික වශයෙන් තිරසාර ද්‍රව්‍ය සැපයීම සඳහා ශ්‍රී ලංකා හවුල්කරුවන් මත යැපීමයි. මෙම ගැටළු, ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ එක්ව විසඳා ගැනීමකෙරෙහි ඉන්දියාව විශ්වාසය තබයි.

***

කොළඹ

2023 අප්‍රේල් 04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...